Divaina - කඩු ප‍්‍රහාරයකින් යාපනයේ ‘ධනුරොක් ’ කල්ලි නායකයාට බරපතළ තුවාල

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

යාපනයේ ‘ධනුරොක්’ කල්ලියේ නායක ධනු නමැත්තා 26දා සවස යාපනය ඔරලෝසු කණුව පාරේ පිහිටි පෙරුමාල් කෝවිල අසලදී කඩු ප‍්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා තිබේ.

ධනු නමැත්තා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පසුපස හඹා ආ පිරිසක් ධනු නමැත්තා කඩුවලින් කපා පලා ගොස් තිබේ. එම මෝටර් රථයේ හතර දෙනකු පැමිණ ඇති අතර පොලිසිය විසින් අදාළ මෝටර් රථය සොයා ගෙන තිබේ.

එහි ඉදිරිපස වෛද්‍යවරයකුට අයත් මෝටර් රථයක් බව ඒත්තු ගැන්වීම පිණිස වෛද්‍යවරුන් විසින් භාවිත කරන ස්ටිකරයක් අලවා ඇති නමුත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ මෝටර් රථය වෛද්‍යවරයකුට අයත් නොවන බවයි.

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සිද්ධිය වූ ස්ථානයට පැමිණ කළ පරීක්ෂණවලදී මෝටර් රථය තුළ තවත් කඩු දෙකක් ඇති බව පෙනී ගොස් ඇති අතර මෝටර් රථයෙන් පැමිණි පිරිස මුලින්ම යතුරුපැදියේ ගමන් කරමින් සිටි ධනු නමැත්තාව මෝටර් රථයෙන් හප්පා ඔහු බිම පෙරළුණු පසුව කඩුවලින් කැපූ බවට සාක්කි හමු වී තිබේ.

‘ධනුරොක් ’ කල්ලිය යනු යාපනයේ මුලින්ම බිහි වූ ‘ආවා කල්ලිය‘ නමැති කල්ලියෙන් බිඳී ගිය වෙනත් පාර්ශ්වයක් වෙයි. මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි යාපනයේ ආරක්ෂාවට විශාල බාධාවක් වී ඇති බැවින් එම කල්ලි වහාම මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කොට දින තුනක් ගත වීමටත් පෙර මේ සිදුවීම යාපනය නගරයේදී මහ දවල් සිදුව තිබේ.

යාපනය පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles