Divaina - නීති කඩා ශී‍්‍ර ලංකාවට ගෙනා අපද්‍රව්‍ය බහාලූම් 21ක් බි‍්‍රතාන්‍යයට ප‍්‍රති අපනයනය කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ, ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කරමින් ශ‍්‍රී ලංකාවට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලූම් 21 ක් රේගුව විසින් එංගලන්තය බලා පෙරේදා (26 වැනිදා) ප‍්‍රතිනැව්ගත කරනු ලැබීය.

ඉකුත් 2017 වසරේ දෙසැම්බර් වන විට එංගලන්තයෙන් නීති විරෝධී ලෙස එවන ලද අපද්‍රව්‍ය බහාලූ 263 ක් ශී‍්‍ර ලංකාව තුළ තිබුණි. ඉන් බහාලූ 21 ක් මෙලෙස ීෑ්ඵ්ඞ භධඍඋ්ඛණ” (ඪ/039ඍ) නැවට පටවා පෙරේදා සවස 5.15 ට කොළඹ වරායෙන් නැවත එංගලන්තය බලා හරවා යැවීමට ශ‍්‍රී ලංකා රේගුව විසින් පියවර ගන්නා ලදි. දැනට අපද්‍රව්‍ය බහාලූ 242 ක් පිළිබඳව අධිකරණයේ නඩු පවතී. මින් බහාලූ 112 ක් කොළඹ වරායේ පවතින බවත්, වාණිජ කේන්ද්‍ර යටතේ (යමඉ දචැර්එසදබ) බහාලූ 130 ක් කටුනායක ආයෝජන කලාපය වෙත නිශ්කාශනය කරගෙන ගොස් තිබෙන බවත් රේගුව සඳහන් කරයි.

රේගු නීති උල්ලංඝනය කරමින් ගෙනැවිත් තිබූ මෙම අපද්‍රව්‍ය බහාලූවල නිවාසවලින් ඉවතලූ දෑ මෙන්ම නාගරික අපද්‍රව්‍යද පැවති බවත්, මේවා එංගලන්තයෙන් පිටත්වීමට පෙර ශී‍්‍ර ලංකාවෙන් අවසර ගත යුතුව තිබුණද එසේ කර නොතිබූ බවත් රේගුව ප‍්‍රකාශ කරයි.

එසේම ශ‍්‍රී ලංකාව හා එංගලන්තය යන දෙරටම පාර්ශ්වකරුවන් වන ජාත්‍යන්තර සම්මුතියක් වන බාසල් සම්මුතිය යටතේද මෙවැනි අපද්‍රව්‍ය එවීමට පෙර ආනයනය කරන රටින් පූර්ව අවසර ගැනීම කොන්දේසියක් වේ. මෙහිදී මෙම කොන්දේසියද කඩ කර තිබුණි.

මෙම අපද්‍ර්‍ය ප‍්‍රතිනැව්ගත කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හා විදේශ අමාත්‍යාංශය විශාල මෙහෙවරක් කළ අතර මෙම ප‍්‍රතිනැව්ගත කිරීම මෙතෙක් දකුණු ආසියානු කලාපයේ මේ අයුරින් සිදු වූ ප‍්‍රථම අවස්ථාව ලෙස ද වාර්තා වේ.

ප‍්‍රභාත් විතාන
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles