Divaina - මිල්ලනිය කැලෑවේ නරි 20 ක් පමණ සිටිය හැකියි - පොලිසිය සැක කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

හොරණ මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලෑරොදේ නරියන් විස්සක පමණ ප‍්‍රමාණයක් සිටිය හැකි බවට පොලිසිය සැක පහළ...

කරන බව පානදුර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.

මෙම නරියන් අතර පිස්සු හැදුණු නරිත් සිටිය හැකි බව කී පොලිස් අධිකාරිවරයා මේ පිළිබඳව ප‍්‍රදේශවාසීන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත්, ඒ අවට ප‍්‍රදේශය තුළ වනජීවී සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව යොදා තිබෙන බවත් කීවේය.

එහෙත් මෙම කැලෑ රොදට යෑමෙන් වළකින ලෙස පොලිසිය ප‍්‍රදේශවාසීන් දැනුවත් කර ඇත.

මෙම කැලෑරොදේ ගැවසෙන වෙනත් සතුන් පවා මෙම නරින්ගේ සපාකෑම්වලට ලක්වීමට ඉඩ තිබෙන හෙයින් එම කැලෑ රොදට එළුවන්, ගවයන්, බල්ලන් සහ කුකුළන් යෑමෙන් වළක්වා ගැනීමට ප‍්‍රදේශවාසීන් ක‍්‍රියාකර ඇත.

පිස්සු හැදුණු නරින් ඉදිරි දින කීපය තුළ එම රෝගයෙන්ම මියයනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

නෝමන් පලිහවඩන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles