Divaina - ඉන්දියාවට පන්නන්න යතුරුපැදියකින් ගෙන යද්දී කෝටි 4ක රත‍්‍රං සමග අයෙක් දැලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

හොර රහසේ ඉන්දියාවට පැන්නීමට රැුගෙන ගිය බවට සැක කෙරෙන රු. ලක්ෂ 400ක් පමණ වටිනා රත‍්‍රං තොගයක් යතුරුපැදියකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු දළුව ප‍්‍රදේශයේ කලපුව ආසන්නයේදී පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යාංශයේ පුත්තලම ඒකකයට ලැබුණු තොරතුරක් මත පෙරේදා (26 දා) රාත‍්‍රියේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙම රත්තරං තොගය අත්අඩංගුවට ගෙන තිබේ. රත්තරං කැබලි සහ ගුලි කිලෝ 4 කට ආසන්න ප‍්‍රමාණයක් ඉටි මල්ලක පාර්සල් කර තිබියදී පොලිසිය මෙසේ සොයා ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට පත් පුද්ගලයා පුත්තලම කොළඹ මාර්ගයේ නාගවිල්ළු ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ත‍්‍රිරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කරන බව පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහ මහතාගේ උපදෙස් මත පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතාගේ මෙහෙයවීමෙන්, පො: සැ: ජයතිලක (29673), පො: කො: ජයසුන්දර (79666), දේශප‍්‍රිය (85449), ජයකොඩි (87238), පො:කො:රි දිසානායක (80679) යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles