Divaina - රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලය තිබෙනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 4-එස්ටීඑෆ් හිටපු ප‍්‍රධානී ලතීෆ් පාස්කු කොමිසම හමුවේ කියයි

මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ සිටින නිලධාරීන් 90% ක් පමණ පොලිස් නිලධාරීන් වන බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ඔවුන් සතුව පවතින බව පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි එම්. ආර්. ලතීෆ් මහතා පෙරේදා (26දා) පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

පාස්කු ප‍්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය භාර අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පෙරේදා පෙරවරුවේ සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියේය. එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ලතීෆ් මහතා සඳහන් කළේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැඳී තමන් 2016 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ලෙස පත් වූ බවය.

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ ඔබ විශ‍්‍රාම යන විට පොලිස් විශේෂ කාර්ය බළකාය සතුව කොපමණ පිරිස් බලයක් පැවතියේද යන්නය. තමන් විශ‍්‍රාම යන විට 7200 ක පමණ පිරිස් බලයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සතුව පැවති අතර නිලධාරීන් 2000 ක පමණ ඌනතාවක්ද පැවති බව ලතීෆ් මහතා ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලයක් නොමැති බැවින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවය.

එරික් ගාමිණි ජිනප‍්‍රිය

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles