Divaina - දිවියකු මරා කෑලි කපා මස් විකිණූ දෙදෙනෙක් දැලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

kot555
 
 සිරිල් විමලසුරේන්ද්‍ර
 
 උඩදුම්බර කලල්ගමුවේ මිනිවන්ගමුව වනයේ කලක් සැරිසරමින් සිටි අවුරුදු 10 ක් පමණ වයසැති දිවියකු මදු ගසා ඝාතනය කර කැබලිවලට කපා මස් අලෙවි කළ බවට සැකකරන දඩයම්කරුවන් දෙදෙනකු උඩදුම්බර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සැකකරුවෝ තෙල්දෙණිය උඩුවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන් සමග දිවියාගේ මස් කිලෝ 17 ක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එක් සැකකරුවකු බුලත්වත්තේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
 
 සැකකරුවන් දිවියාගේ ඉතිරිව තිබුණු මස් කොටස් සමග අත්අඩංගුවට ගැනීමට උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. කාංගර මහතාගේ අධීක්‍ෂණය අනුව පොලිස් සැරයන්වරුන් වන සේනාරත්න (35182*, චරිත (9996*, පො. කො. වීරසේකර (37050*, පො කො. කුමාර (9416* සහ දිසානායක (70917* යන මහත්වරු කටයුතු කළහ.
 
 මධ්‍යම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, පොලිස් අධිකාරි ජගත් සේරම් සහ සහකාර පොලිස් අධිකාරි කමල් රණවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles