Divaina - රුසියානුවාට කොරෝනා නෑ නමුත් තවදුරටත් පරීක්‍ෂණ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 මත්තල - දිලීප් එන්. ජයසේකර
 
corona1357 රුසියානු ජාතිකයාට කොරෝනා නැති බවට හම්බන්තොට මහ රෝහලේදී සිදුකළ දෙවන පී. සී. ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි හම්බන්තොට මහ රෝහලේ ‘කොවිඞ් 19’ විශේෂ ප‍්‍රතිකාර ඒකකයේ අධ්‍යක්ෂ සුරංග ඔබේසේකර මහතා පැවසීය.
 
 පසුගිය 13 වැනිදා රුසියාවට අයත් 2705 දරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයෙන් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයන් 15 දෙනකු මාතර පොල්හේන ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි අතර ඔවුන් 25 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබීම හේතුවෙන් 23 වැනිදා මාතර පෞද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරීක්ෂණයක් කරගෙන තිබේ.
 
 එම පරීක්ෂණයේ දී 57 හැවිරිදි නිකලෝ පීටර්ස් නමැති ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් අදාළ රුසියානු ජාතිකයා 24 වැනිදා පෙරවරුවේ ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලේ ස්ථාපිත කර ඇති ‘කොවිඞ් 19’ විශේෂ ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි.
 
 එහිදී සිදුකළ පළමු පී. සී. ආර්. පරීක්ෂණයේ දී රුසියානු ජාතිකයාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වූ නමුත් 24 වැනිදා රාත‍්‍රියේ ද දෙවන පී. සී. ආර්. පරීක්ෂණයකට මෙම රුසියානු ජාතික පුද්ගලයා යොමු කර තිබේ. මේ වන විට එහි පරීක්ෂණ වාර්තාව ද පැමිණ ඇති අතර ඉන්ද මෙම රුසියානු ජාතිකයාට කොරෝනා ආසාදන තත්ත්වයක් නොමැති බව තහවුරු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
 
 අදාළ රුසියානු ජාතිකයාගෙන් මුල්ම වතාවේ ලබාගත් පී. සී. ආර්. පරීක්ෂණය අවස්ථාවේ විෂබීජය යම් තරමක් හෝ ශරීරයේ තිබෙන්නට ඇති බවත් පසුව සිදුකළ දෙවන හා තෙවන පී. සී. ආර්. පරීක්ෂණ අවස්ථාව වන විට එය ශරීරයෙන් ඉවත්වන්නට ඇති බවත් විශ්වාස කළ හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය. කෙසේ වෙතත් රුසියානු ජාතිකයා තවදුරටත් හම්බන්තොට මහ රෝහලේ කොවිඞ් 19 ප‍්‍රතිකාර ඒකකයේ රඳවා තබාගෙන පරීක්ෂණ සිදුකරන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles