Divaina - රොහාගේ මරණයෙන් අංජුලා ‘ෆෝම් වෙලා’

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

හේමන්ත රන්දුණු
 
 anjus135ගොනාකෝවිලේ රොහා නමැති පාතාල නායකයා පොලිස් වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඝාතනය වීමේ සිද්ධියෙන් පසු රත්මලාන ප‍්‍රදේශයේ ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වල සාමාජිකයන් ගිනිකෙළි සංදර්ශන පවත්වා මත්පැන් සාද පවත්වමින් විනෝදවීමට පටන් ගෙන ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
 
 ගොනාකෝවිලේ අංජුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් ඝාතනයට ලක්වූ රොහාගේ පාතාල කල්ලියේ සාමාජිකයන්ට ප‍්‍රසිද්ධියේම අභියෝග කරමින් ඔවුන්ට මත්කුඩු ජාවාරමේ නිරතවීම ‘තහනම්’ කර ඇති බවද වාර්තා වෙයි.
 
 ගොනාකෝවිලේ අංජුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් පිරිසක් රත්මලාන මුහුදු වෙරළේ පෙරේදා රාතී‍්‍ර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා රොහා ඝාතනයවීමේ සිද්ධිය වෙනුවෙන් මත්පැන් සාදයක් ද පවත්වා ඇත.
 
 මේ අතර ගොනාකෝවිලේ අංජු නමැති පාතාල නායකයා ඉතාලියේ සිට සිය ෆේස්බුක් ගිණුම මගින් රොහාගේ මළසිරුර අඟුලානට ගෙන ඒමෙන් වළකින ලෙස තර්ජනය කර තිබේ.
 
 රොහාගේ අවමංගල්‍යයට සහභාගි වන පුද්ගලයන් ඝාතනය කරන බවටද තර්ජනය කර ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles