Divaina - සේවය දීර්ඝ නොකර දේශපාලනිකව පලිගත්තා... දූෂණ මර්දන කමිටු කාර්යාලයේ අධ්‍යක්‍ෂ විජේපාල වගඋත්තරකරුවකු කරන්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී ඩබ්ලිව්. විමලසේන ඉල්ලයි
 පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම
 
  ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 basilsබැසිල් රාජපක්‍ෂ මහතා ඇමැතිවරයා ලෙස කටයුතු කළ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ තමාගෙන් පසුගිය රජය සමයේ දේශපාලනිකව පලිගත් බවත් තම සේවය දීර්ඝ කිරීම සිදු නොකළ බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී ඩබ්ලිව්. විමලසේන මහතා ඊයේ (25 දා* පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්‍ෂා කිරීමේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
 
 තමාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පසුගිය රජය මඟින් පිහිටුවා තිබූ දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා බව ද සාක්‍ෂිකරු කීවේය.
 
 කොමිසම ඊයේ (25 දා* උදේ 10.30 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයරත්න සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් රැුස්විය.
 
 කොමිසම හමුවේ සාක්‍ෂි දුන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී ඩබ්ලිව්. විමලසේන මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේ පසුගිය රජයේ දූෂණ මර්දන කමිටු කාර්යාලයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ විජේපාල මහතා තම පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවකු ලෙස නම් කරන ලෙසයි.
 
 එම ඉල්ලීමට අනුව එම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා වගඋත්තරකරුවකු ලෙස නම්කර කොමිසම හමුවට කැඳවීම සඳහා සිතාසි නිකුත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය.
 
 රජයේ අධිනීතිඥ - ඔබගේ ප‍්‍රධාන දුක්ගැනවිල්ල වන්නේ ඔබගේ සේවය දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් නේද?
 
 සාක්‍ෂිකරු - එසේයි.
 
 රජයේ නීතිඥ - ඔබ විශ‍්‍රාම ගැනීමෙන් පසු කොන්ත‍්‍රාත් පදනම මත නේද සේවය කළේ?
 
 සාක්‍ෂිකරු - එසේයි.
 
 රජයේ නීතිඥ - ඔබගේ සේවය දීර්ඝ කිරීමේ තීරණය පත්වීම් බලධාරියා සිතූ එකක් නේද?
 
 සාක්‍ෂිකරු - ඔව්. මගේ පත්වීම් බලධාරියා වන්නේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි.
 
 රජයේ නීතිඥ - ඔබගේ සේවය දීර්ඝ කිරීමට අභිමතයක් තිබෙනවාද?
 
 සාක්‍ෂිකරු - මගේ කාර්ය සාධනය මත සේවය දීර්ඝ කිරීමට අභිමතයක් තිබෙනවා.
 
 රජයේ නීතිඥ - ඔබට එරෙහිව ප‍්‍රධාන චෝදනා හතක් ඉදිරිපත් කරල තියෙනවා.
 
 සාක්‍ෂිකරු - එසේමයි.
 
 රජයේ නීතිඥ - මේ ගෙවීම් අනුමත වී සිදුකරන ගෙවීම්ද?
 
 සාක්‍ෂිකරු - ඔව්. ගෙවීමට අනුමැතිය ලැබී තමයි මේවා මාවෙත යොමුකරන්නේ.
 
 රජයේ නීතිඥ - අනුමත වී ලැබෙන ගෙවීම සිදුකරන්න ඕනද?
 
 සාක්‍ෂිකරු - ඔව්. අනුමත වී සහතික කර ලැබෙන ගෙවීම් සිදුකිරීමට බැඳී සිටිනවා.
 
 රජයේ නීතිඥ - කවුද ඒවා අනුමත කරන්නේ?
 
 සාක්‍ෂිකරු - කළමනාකාර අධ්‍යක්‍ෂ හෝ අධ්‍යක්‍ෂයි. බලතල බෙදීගොස් ඇති ආකාරය අනුව සහකාර අධ්‍යක්‍ෂටත් ගෙවීම් අනුමත කිරීමට බලය තිබෙනවා.
 
 රජයේ නීතිඥ - කවුද ඒ තනතුරුවල කටයුතු කළේ?
 
 සාක්‍ෂිකරු - රූමි ජවුෆර් මහතා සහ මධුභානී පෙරේරා මහත්මියයි.
 
 රජයේ නීතිඥ - සංග‍්‍රහ සඳහා ආහාර සැපයීම අනුමත කරල ඉදිරිපත් කරන්න ඕන නේද?
 
 සාක්‍ෂිකරු - ආයතන ප‍්‍රධානියා වෙත ලැබුණාම ඒ ඇණවුම් ඉදිරිපත් කරනවා.
 
 රජයේ නීතිඥ - ආයතන ප‍්‍රධානියා කීවේ කවුද?
 
 සාක්‍ෂිකරු - අධ්‍යක්‍ෂ ජනරාල් හෝ සභාපති ඔවුන්ට ලැබෙන ආහාර ඇණවුම් හෝටල් පාසල වෙත යොමු කරනවා. ආහාර සැපයීම සඳහා විශේෂ අනුමැතියක් අවශ්‍ය නෑ. එසේ ඇණවුමකට අනුව ආහාර සැපයීමෙන් පසුව බිල්පත් ඉදිරිපත් කර මුදල් අයකර ගන්නවා. එය සාමාන්‍ය ක‍්‍රමවේදයයි.
 
 රජයේ නීතිඥ - මේක සාමාන්‍ය ක‍්‍රමවේදයක්ද?
 
 සාක්‍ෂිකරු - ඔව්. හෝටල් පාසලේ ශිෂ්‍යයන් යොදාගෙන අදාළ ආහාර ද්‍රව්‍ය සැපයීම සිදුකරනවා.
 
 සභාපති - මේ සඳහා සාක්‍ෂිකරුවන් කැඳවනවාද?
 
 පැමිණිලිකරුගේ නීතිඥ - නැහැ. පැමිණිල්ලට අදාළව දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටිනවා.
 
 සභාපති - ඒ අනුව පසුගිය රජයේ දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා වගඋත්තරකරුවකු ලෙස නම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන්න.
 
 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී ඩබ්ලිව්. විමලසේන මහතාගේ පැමිණිල්ලට අදාළ විභාගය යළි ඔක්තෝබර් 08 දින කැඳවීමට නියම විය.
 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles