Divaina - පොල්හේන හෝටලයක සිටි රුසියානුවාට කොරෝනා බවට සැක... හෝටලයේ කාර්ය මණ්ඩලය හෝටලය තුළම නිරෝධායනයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

මාතර - අමල් තුෂාර සහ මත්තල - දිලිප් එන්. ජයසේකර
 
 corona1357මාතර පොල්හේන ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී. සී. ආර්. පරීක්ෂණයකදී තහවුරු වී ඇත. කෙසේ නමුත් ඔහුට නිශ්චිතවම කොරෝනා වැළඳී ඇත්දැයි අනාවරණය කර ගැනීමට ඊයේ රාතී‍්‍ර තවත් පී. සී. ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබිණි. වෛරසය ආසාදනය වී ඇති බවට සැක රුසියන් ජාතිකයා මෙරට සංචාරයක් සඳහා 15 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග පැමිණ ඇති අතර ඔවුන් ඉකුත් 13 වැනිදා හම්බන්තොට මත්තල ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබේ. ඔවුන් මාතර පොල්හේන ප‍්‍රදේශයේ ඇති සංචාරක නිකේතනයක නතර වී ඇති අතර මෙම කණ්ඩායම ඊයේ (24 දා* මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබිණි.
 
 කොරෝනා වෛරසය ආසාදිත රුසියන් ජාතිකයා ඇතුළු සෙසු සාමාජිකයන් මාතර නගරයේ පුද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරීක්ෂණය සිදු කරගෙන ඇති අතර එහිදී 15 දෙනාගෙන් සමන්විත සංචාරක කණ්ඩායමෙහි එක් සාමාජිකයෙක් පමණක් පොසිටිව් වී අනෙක් සාමාජිකයන් 14 දෙනා නෙගටිව් වී ඇත. මෙම රුසියන් ජාතිකයන් නවාතැන් ගෙන සිටි මාතර පොල්හේන පරමුල්ල ප‍්‍රදේශයේ හෝටලයේ සිටි කාර්ය මණ්ඩලය ඇතුළු සියලූම දෙනා ඊයේ (24 දා* සිට එම හෝටලය තුළම නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
 
 මෙම සංචාරක නිකේතනයට ඊයේ (24 දා* මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාතර මූලස්ථාන පොලිසියේ පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් පැමිණ විමර්ශන කටයුතු ද ආරම්භ කළහ. 57 හැවිරිදි ආසාදිත රුසියන් ජාතිකයා ඊයේ ගිලන් රථයකින් හම්බන්තොට මහ රෝහලේ කොරෝනා වාට්ටුව වෙත රැුගෙන යෑමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබීය.
 
 මෙම රෝගියා හමුවීමත් සමග ඊයේ (24 දා* උදෑසන මාතර නගරයේ සහ අවට ප‍්‍රදේශයන්හි ජනතාව තරමක තැති ගැන්මකට ලක්ව සිටියහ. උදය කාලයේ දෙමාපියන් බොහෝ පිරිසක් සිය දරුවන් පාසල්වලින් ඉවත් කර ගැනීමට පෙළඹී සිටි බවට ද තොරතුරු අනාවරණය විය.
 
 මාතර පොල්හේන සහ ඒ අවට ප‍්‍රදේශ රැසක පාසල් කිහිපයකම උදය කාලයේම දරුවන් පාසල් වෙතින් රැගෙන යෑමට දෙමාපියන්ට ඉඩ සලසා දීමට විදුහල්පතිවරුන් කි‍්‍රයා කර තිබූ අතර මාතර නගරයේ පාසල්හි දරුවන් සුපුරුදු පරිදි පාසල් කාලය අවසන් වන තෙක්ම පාසලෙහි රඳවා ගෙන අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යෑමට එම විද්‍යාලයන්හි විදුහල්පතිවරුන් කි‍්‍රයා කර තිබිණි.
 
 කොරෝනා ආසාදිත රුසියන් ජාතිකයා හමුවීමත් සමග මාතර ජනතාවට අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් සෞඛ්‍ය අංශ කොවිඞ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීමට ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත් මාතර දිස්ති‍්‍රක්කයේ ජනතාවගෙන් සෞඛ්‍ය අංශය ඉල්ලා සිටියි. රුසියන් ජාතිකයන් නැවතී සිටි සංචාරක නිකේතනයෙහි (හෝටලයෙහි* කාර්ය මණ්ඩලයේ සේවය කරන 23 දෙනාගෙන් පස් දෙනකු මාතර දිස්ති‍්‍රක්කයෙන් පිටත වෙනත් දිස්ති‍්‍රක්ක හතරක පදිංචිකරුවන් ලෙස හඳුනා ගෙන ඇති අතර ඉතිරි 18 දෙනාගෙන් එක් අයකු ක්ෂේත‍්‍ර නිලධාරියකු වන අතර ඔහු අදාළ විදේශිකයන් සමග සම්බන්ධ වීමක් සිදු වී නොමැත.
 
 අනෙක් 17 දෙනා මාතර, මාලිම්බඩ, තිහගොඩ, හක්මන, දික්වැල්ල යන පොලිස් වසම්වල පදිංචිකරුවන් වන අතර ඔවුන් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට කටයුතු කර ඇත. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද හෝටලයේ සිටින අය එම හෝටලය තුළම ස්වයං නිරෝධායනය කිරීමට ද සැලසුම් සකස් කර ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles