Divaina - පොලිසියේ රාජකාරියට බාධා කළ අටුළුගම කාන්තාවන් සිව්දෙනා සහ පිරිමි 15 දෙනා තවදුරටත් රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
 
 ataබණ්ඩාරගම ප‍්‍රදේශයේදී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් සිවුදෙනකු ඇතුඵ පුද්ගලයන් දහතුන් දෙනෙක් සහ ඔවුන්ට රැුකවරණය සැපයූ පුද්ගලයන් දෙදෙනෙක් තවදුරටත් දින 14 ක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහෙස්ත‍්‍රාත් ලලිතා චන්ද්‍රරත්න මහත්මිය ඊයේ (24 දා* නියෝග කළාය.
 
 ඉකුත් 09 දා බණ්ඩාරගම අටුඵගම මාරාව ප‍්‍රදේශයේදී ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මහජන සාමය කඩවන අයුරින් කි‍්‍රයා කළැයි පොලිසිය සැකකරුවන් හයදෙනකු ඉකුත් 09 දා බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඉකුත් 11, 17, 18 සහ 20 යන දිනවලදී බණ්ඩාරගම, බලංගොඩ සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවලදී අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (24 දා* දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
 
 පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටී පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එල්. අනවරත්න මහතා - මැතිනියනි තුන්වන සැකකාරිය පොලිස් නිලධාරිනියකට එල්ල කළ පා පහර සාමාන්‍ය කාන්තාවකට එල්ල කළ හැකි පා පහරක් නොවෙයි. එවැනි පා පහරක් එල්ල කිරීමට ඇය යම්කිසි සටන් කලාවක් හදාරා සිටිය යුතුයි. එබැවින් මොවුන් තවදුරටත් ලබන 08 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් පොලිස් පරීක්‍ෂක අනවරත්න මහතා අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
 
 විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයෝමි අභයවික‍්‍රම මහත්මිය - ස්වාමීනි සිද්ධිය වන අවස්ථාවේ එතැන සිට ඇත්තේ ප‍්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනා පමණයි. ඒ මොහොතේ පොලිසිය විශාල පොලිස් බළඇණියක් යොදා පරීක්‍ෂා කර ගමේම මිනිස්සු අපහසුතාවට පත්කළා. පොලිසිය පවසන ආකාරයට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගංජා තොගයක් සමගින්. නමුත් අපි රුපවාහිනියෙන් දැක්කා පොලිස් නිල සුනඛයා සිද්ධියෙන් පසුව නිවස පරීක්‍ෂා කරන මොහොතේයි ගංජා තොගය සොයා ගන්නේ. සැකකරුවන්ට ඇප ලබාදීමෙන් පොලිසිය පවසන ආකාරයට ජාතිවාදය ඇවිස්සීමක් කිසිසේත්ම සිදු වන්නේ නැහැ. අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවෙක්ගේ මවක් දැනට දින 14 ක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. ඒ නිසා ඇප පනතේ 14 වන වගන්තිය යටතේ මාගේ සේවා දායකයන්ට ඇප ලබාදෙන ලෙස හෝ නොඑසේ නම් හෙට දිනයේ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් තුමා හමුවේ නඩුව නැවත කැඳවන ලෙස ඉල්ලා සිටිනවා යනුවෙන් පැවසීය.
 
 බණ්ඩාරගම පොලිසියේ පො.ප. ඩබ්ලිව්. එල්. අනවරත්න සහ සැරයන් එදිරිසිංහ (3081* පොලිසිය වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.
 
 නඩුව නැවත ලබන මස 08 දින විභාගයට ගැනීමට නියමිතය.
 

 
 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles