Divaina - පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝවක් අරන් බාලවයස්කරුවන් දෙදෙනා අල්ලයි... සැකකරුවන්ගේ නවීන ජංගම දුරකතනයේ ඡායාරූප 20 ක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
phones අවුරුදු 13 ක් වයසැති පාසල් සිසුවියකගේ නිරුවත් ඡුායාරූප සහ වීඩියෝවක්, නවීන පන්නයේ ජංගම දුරකථනයක් තබා ගැනීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනකු ඊයේ (24 වැනිදා* පොලිස් භාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
 
 මෙම දියණියගේ නිරුවත් ඡුායාරූප සහ වීඩියෝ දර්ශන නිවස ආසන්නයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනකු විසින් අසල්වැසියකුට පෙන්වා ඇති බවට මවක් කළ පැමිණිල්ලක් මත පොලිස් ස්ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ අරඹා එම ළමුන් දෙදෙනා ඔවුන්ගේ මවුවරුන් සමග පොලිසියට කැඳවා තිබේ.
 
 එක් ළමයෙකු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී පැමිණිලිකාරියගේ දියණියගේ ඡුායාරූප 20 ක් සහ වීඩියෝ දර්ශනයක් තිබූ බව පොලිසිය පවසයි. සැකකාර ළමුන් දෙදෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී දැරිය නාන කාමරයේ සිට දිය නාන අවස්ථාවේදී දැරියට නොතේරෙන අයුරින් ඉතා සූක්‍ෂම ලෙස එම ඡුායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයෙන් ලබාගත් බව පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර තිබේ. මෙම සැකකාර ළමුන් දෙදෙනා දැනට පාසල් නොයන බවත් දෙමාපියන් එම ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන හෙයින් නොයෙක් විෂමාචාර ක‍්‍රියා සඳහා පෙළඹී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
 
 මෙම පිරිමි ළමුන් දෙදෙනාගේ යහපත සහ සුබසිද්ධිය සඳහා පරිවාස නිලධාරීන් මාර්ගයෙන් සුදුසු බාරකාරත්වයකට පත් කිරීම සඳහා දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
 
 පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ආර්. ඒ. ඞී. රොහාන් මහේස් මහතාගේ උපදෙස් මත ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පො. ප. එල්. ජී. සේනාන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලබන බව පොලිසිය පවසයි.
 
 
 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles