Divaina - මොළයට සහ සුසුම්නාවට උණ්ඩ පහක් වැදීමෙන් කොටියා මියගිහින්... මියගිය කඳුකර කොටියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

නුවරඑළිය - නාලක රත්නායක

 

kotiya555
 
 මස්කෙළිය බ‍්‍රවුන්ලෝ වතුයායේ ඉකුත් 22 දා වෙඩිතබා ඝාතනය කළ අවු. 6 ක් පමණ වයසැති කඳුකර කොටියාගේ හිසට, මොළයට සහ සුසුම්නාවට උණ්ඩ පහක් වැදීම නිසා කොටියා මියගොස් ඇති බව මියගිය කඳුකර කොටියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රන්දෙනිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිනිදෙනිය මහතා පැවසීය.
 
 කොටියා සැරිසැරූ ස්ථානයට ඉතාමත් ආසන්නයේ සිට හිස ඉලක්ක කර වෙඩිතබා ඇති බවත්, කොටියාට වැදුණු වෙඩි උණ්ඩ කොටියාගේ සම පසාරු කරගෙන ගොස් ඇති බවද පිනිදෙනිය මහතා කියා සිටියේය.
 
 රජයේ රස පරීක්ෂකවරයාගේද වාර්තාවක් ලබාගෙන මියගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවද පශු වෛiවරයා පැවසීය.
 
 මස්කෙළිය බ‍්‍රවුන්ලෝ වතුයායේ පාසලට ඉහළින් ලඳු කැලෑවක මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් වනජීවී නිලධාරින් වෙත ලබාදුන් තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් කොටියාගේ සිරුර රැුගෙන හැටන් මහෙස්ත‍්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා වෙත කරුණු වාර්තා කර මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛදවරයා වෙත යොමු කර තිබුණි.
 
 මියගිය කඳුකර කොටියාට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ මස්කෙළිය පොලිසිය වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles