Divaina - මැතිවරණවලදී ඡන්දය නොදමන අයට දඩ ගැසීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුයි - ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

pali1ඡන්දය භාවිතා නොකරන ඡන්ද දායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතු බවට කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 වැනිදා) ප‍්‍රකාශ කළේය.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ 2019 වසරේ තෙවැනි කාර්තුවේ කාර්ය සාධක වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවැති විවාදයේදී ඇමැතිවරයා එසේ කීය.

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලසුනින් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (23 දා) පෙ.ව. 10.00 ට රැස්විය.

කථානායක නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්තී‍්‍රවරුන් විසින් ඇමැතිවරුන්ගෙන් අසන ලද ප‍්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අනතුරුව සභාව අද (24 දා) පෙ.ව. 10.00 දක්වා කල් තැබූ අතර සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් ශී‍්‍රලපොපෙ මන්තී‍්‍ර නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ කීය.

nimal12019 වර්ෂයේ තෙවැනි කාර්තුව (2019.07.01-2019.10.30) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව පිළිබඳව ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය (2020.08.05) සාමකාමී, නිදහස් සාධාරණ ඡුන්ද විමසීමක් පැවැත්වීමට හැකියාව ලැබී ඇත. කොවිඞ් 19 වසංගත තත්ත්වය යටතේ වුවද, මැතිවරණය පවත්වමින් මැතිවරණය නිසා කොවිඞ් 19 වසංගත තත්ත්වය පැතිර යාමට ඉඩ නොතබන ආකාරයට පවත්වා තිබීම ප‍්‍රශංසනීයයි.

ඡුන්ද අපේක්‍ෂකයන්ගේ අංක ගැසට් කිරීම ව්‍යවස්ථාපිත කටයුත්තක් වුවද, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර එකඟතාවයක් නොමැති වීම මත එය ප‍්‍රමාද වී ඇත. මේ නිසා සාමාජිකයන් තිදෙනකුගේ තීරණ ගැනීම ගැටලූ සහගත නිසාත්, සාමාජිකයන් සංඛ්‍යාව තිදෙනෙක් කොමිසමේ සභා රැුස්වීමේ ඝණපූර්ණය ද තිදෙනෙක් වීම නිසාත්, සාමාජික සංඛ්‍යාව පස් දෙනෙකුගෙන්වත් සමන්විත වීම වඩාත් ඵලදායී හා අර්ථවත් වන බව පෙනේ. එසේම, මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කිරීමට පවතින දැඩි සීමා නිසා විශාල මූල්‍ය සම්පත් පවත්නා අයට පමණක් විiුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රචාරණය කිරීමේ හැකියාව ලැබී ඇත. 1940 ගණන්වල සිට කොට්ඨාස ක‍්‍රමයට නියෝජිතයන් තෝරා ගැනීමේදී සම්මත කර ගනු ලැබූ මැතිවරණ ප‍්‍රචාරක සීමා නීති දිගටම පවත්වාගෙන යනු ලබන අතර, දිස්ති‍්‍රක්කයන් නියෝජනය වන සමානුපාතික ක‍්‍රමයට නියෝජිතයන් තෝරා ගැනීමට ගැලපෙන සේ මෙම නීති සංශෝධනය විය යුතුව පවතී. එසේම බොහෝ අත්‍යවශ්‍ය සේවා ක්‍ෂේත‍්‍රවලට සේවා අවශ්‍යතාව මත මැතිවරණ දිනයේම මෙය යෙදීමට සිදුවීම නිසා එම කාර්ය මණ්ඩලයට ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය අහිමිව ඇත. දැනට පවතින මැතිවරණ නීති යටතේ අත්‍යවශ්‍ය සේවා වන සෞඛ්‍ය සේවය (වෛi, හෙදි ආදී) අධිවේගී මාර්ගවල සේවයේ නිරත කාර්ය මණ්ඩල, ගුවන් සේවාවල කාර්ය මණ්ඩල, හෝටල් ආදී ක්‍ෂේත‍්‍රවලට පවා තැපැල් ඡුන්ද හිමිකම ලැබීමට නීතිමය අවසරයක් නැත. මේ නිසා ඡුන්දය දිනට පූර්වයෙන් වෙනත් ආසන්න දිනක එම සේවාවල පිරිසට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම සුදුසුය.

වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ගැන නොසිතා තම ස්වාධීනත්වය ගැන සිතා කටයුතු කිරීමෙන් කොමිසමේ දැඩි අප‍්‍රසාදයට ලක්වෙලා. එම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම කොමිෂන් සභා ක්‍ෂේත‍්‍රයටම පහරක්. ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් ඉතා අප‍්‍රසාදයට ලක්වෙනවා. සාමාජිකයන් තිදෙනකුට සීමාවීම නිසා එක් අයෙකුගේ වැරදි කි‍්‍රයා කලාපයකින් කොමිසම අඩපණ වෙනවා. මෙය පසුගිය මැතිවරණයේදී අපි අත්දුටුවා. එක් අයෙකුගේ අකමැත්ත නිසා මනාප අංක නිකුත් වීමක් ප‍්‍රමාද වුණා.

සුළු තාක්‍ෂණික දෝෂ මත නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂේප වුණා. ඒවා නිවැරදි විය යුතුයි. එක් සාමාජිකයකුගේ වැරදිවලට කොමිසමට වැරදි නොකිය යුතුයි. පසුගිය

මැතිවරණයේදී කොවිඞ් වසංගතය පැතිර නොයන ලෙස මැතිවරණය සංවිධානය කිරීම විශිෂ්ටයි. ඇප මුදල් තැන්පත් කිරීම ප‍්‍රචාරක කටයුතු ආදී කි‍්‍රයාවන්වල ඇති යල් පැන ගිය නීති වෙනස් විය යුතුයි.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මූලාසනයට පැමිණෙයි.

තැපැල් ඡුන්ද හිමිකම් අද සීමිත වෙලා. ගමනාගමන, ගුවන් ගමන්, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රවල අනිවාර්ය සේවයේ යෙදෙන අයටත් ඒ සඳහා අවශ්‍යයි.

පත්කළ මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රම්නාත් පී. දෙල්වත්ත (ශී‍්‍රලපොපෙ)-

කොමිසමේ සාමාජිකයෙක් පොදුජන පෙරමුණට ඡුන්දය දෙන්න එපා කියලා ප‍්‍රසිද්ධියේ කිව්වා. එයින් ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටුණා.

නව 20 වන සංශෝධනයෙන් කොමිසමේ සංයුතිය වෙනස් කළ යුතුයි. සාමාජික සංඛ්‍යාව 5 ක් බවට පත් කරන්න යෝජනා කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වළක්වන්න කොමිසමේ සාමාජිකයෙක් හරහා සිවිල් සංවිධාන කි‍්‍රයාත්මක වූවාදැයි සැකයක් තිබෙනවා.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා-

ස්වාධීන කොමිෂන් සංකල්පය ගෙනාවේ චන්ද්‍රිකා ජනාධිපතිනියයි. මැතිවරණ කාලවලදී යම් පාලනයක් තිබිය යුතුයි. නිලධාරීන් මෙහෙයවිය යුතුයි කියන මතයක් ඇතිවුණා. ඒ නිසයි ගෙනාවේ. 18 වන සංශෝධනය ගෙනල්ලා ඒක නැති කළා. අපි 19 න් එය ශක්තිමත් කළත් 20 න් එය අහෝසි කරන්න යනවා.

කොමිෂන්වල අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කළ යුතුයි. අහෝසි කිරීම බරපතළ වරදක්. ඒ ව්‍යවස්ථාවේ තියෙන සෑම තනතුරක්ම පත් කරන්නෙ ජනාධිපති කාගෙන්වත් උපදෙස් ගත යුතු නැහැ. එය හරිද?

ස්වාධීන මැතිවරණ කොමිසම ඇතිකළ පසුව පෝස්ටර්, කටවුට්, පෙළපාලි නැතිව කොච්චර හොඳට මැතිවරණ කළාද? එය අපේක්‍ෂකයන්ට විශාල සහනයක් වුණ මාධ්‍යවලට උපමාන පැනවූවා. විශාල බලතල තිබුණා.

මේ 20 සංශෝධනය නිසා සියලූ ආයතන ප‍්‍රධානීන් ඉත්තන් බවට පත් වෙනවා. ජනාධිපතිට ඕන විදිහට කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ බලතල අහිමි වෙනවා. අගමැතිට කිසිම බලයක් නැහැ. පාර්ලිමේන්තුවත් රාජ්‍ය ආයතනත් පඹයෝ බවට පත්වෙනවා. 20 ට ඡුන්දය දෙනවා කියන්නේ අනාගතය පාවාදීමක්.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා-

මැතිවරණ කොමිෂන් නොමැතිවත් සාර්ථක මැතිවරණ ලංකාවේ පවත්වා තිබෙනවා. කොවිඞ් 19 අර්බුදය ලෝකයට මුහුණ දෙන අවස්ථාවේ මහ මැතිවරණය සාර්ථකව පවත්වා ජනවරමක් ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදිය හැකිවුණා. ඡුන්දෙ දුන්නොත් මරණ බවට කාලයකුත් තිබුණා. ඒත් අපි මුහුණදී ඉදිරියට ආවා.

කොමිසමේ සාමාජිකයන් වෙන වෙනම කටයුතු කිරීම නිසා කොමිසමේ ගෞරවය නැති වෙනවා. එය අද මුළු රටම කතා කරනවා. මැතිවරණ කොමිසමේ අවසරයක් නැතිවත් සමහර සාමාජිකයන් උසාවි ගියා. මේ නිසා මැතිවරණ කොමිසමට දැඩි විවේචනයක් එල්ල වුණා.

කෝටි ගණන් මුදල් කාගෙන් එනවාද දන්නේ නැහැ. සමහර පක්‍ෂ කටයුතු කිරීම නිසා ජනමතයට බලපෑමක් එල්ල වෙනවා. මේ ගැන කොමිසමට අවශ්‍ය පියවරයන් ගන්න බැරිවුණා. ඇඞ්වාන්ස් බෝවින් තත්ත්වය කලින් ඡුන්දයේදී ඇති කිරීමට කටයුතු කළ යුතුයි.

විiුත් ඡුන්ද ක‍්‍රමය ඇති කිරීමට අපි කි‍්‍රයා කළ යුතුයි. ප‍්‍රාදේශීය මට්ටමින් අපි ඡුන්ද ගණන් කිරීම සිදු කළා. එය සාර්ථකව සිදුවුණා.

පරිසර හිතකාමී මැතිවරණයකට ගෝඨාභය රාජපක්‍ෂ මහතා කි‍්‍රයා කළා. එවැනි නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියකට යා යුතුයි. මිශ‍්‍ර ඡුන්ද ක‍්‍රමය ඇති කිරීමට අපි කැපවෙනවා. කොට්ඨාස හා අනුගත මිශ‍්‍ර ක‍්‍රමයක් ඇති කළ යුතුයි. විශ්වාසනීය තත්ත්වයකට ජනවරම ඇති කරගත යුතුයි. ජනාධිපති එය ඇති කරන බවට ප‍්‍රතිඥා දී තියෙනවා. මිශ‍්‍ර ඡුන්ද ක‍්‍රමයක් ඇති නොකර මෙම මැතිවරණ ක‍්‍රමයේ අඩුපාඩු කතා කර පළක් නැහැ.

වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සෙල්වම් අඩෙක්කලනාදන් (දෙජාසං)-

කොරෝනා තත්ත්වය තුළත් මැතිවරණය සාර්ථකව තියන්න හැකි වුණා. මැතිවරණ නිලධාරීන් විශිෂ්ඨ ලෙස තම රාජකාරි ඉටුකළා. අපේ ප‍්‍රදේශවල කිසිදු අඩුපාඩුවක් ඇති වීමට නිලධාරීන් ඉඩ තැබුවේ නැහැ. උතුරු නැගෙනහිර භාරව සිටි නිලධාරීන්ට අපගේ ප‍්‍රශංසාව පුදකරනවා.

අපේ ජනතාව යුද්ධයෙන් පස්සේ ප‍්‍රශ්න රැුසකට මුහුණ දීලා. පදිංචියට ඉඩම් නැහැ. ගොවිතැන් කිරීමට ඉඩම් නැති ප‍්‍රශ්න තිබෙනවා. වන සංරක්‍ෂණය, පුරාවිiා දෙපාර්තමේන්තුව, මහවැලිය කටයුතු කරන අය ජනතාව පීඩනයට ලක් කරනවා. දෙමළ ජනතාවගේ ජනජීවිතය ගැන අවධානය යොමු කළ යුතුයි.

සංචාරක අමැති ප‍්‍රසන්න රණතුංග මහතා-

ස්වාධීන කොමිෂන් සභා අපේ ආණ්ඩුව නැති කරන බවට විපක්‍ෂය අසත්‍ය චෝදනා කරනවා. මැතිවරණ කොමිසම සභාපතිවරයා සෘජුව කටයුතු කරන්න උත්සාහ කළත් තවත් සාමාජිකයෙකු ඔහුගේ පෞද්ගලික උවමනා මත තීරණ ගැනීම නිසා කොමිසම ජනතාව ඉදිරියේ අප‍්‍රසාදයට ලක්වුණා.

එදා 19 ව්‍යවස්ථාව සංශෝධනය ගෙනවිත් රට කැඳහැලියක් කළා. අපි එය අහෝසි කරන බවට රටට පොරොන්දු වුණා. මේ රටේ ජනතාව 69 ලක්‍ෂයක් ජනාධිපතිට ඡුන්දය දුන්නේ ඒ පොරොන්දු ඉටුකරන්නයි. අද පළාත් සභා තියෙනවාද නැද්ද කියා අපි තීරණය කළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභාවලට සහාය දිය යුතුයි. ස්වාධීනව කටයුතු කරනවා නම් අපේ බාධාවක් නැහැ.

මන්තී‍්‍ර කෝකිලා ගුණවර්ධන මූලාසනයට පැමිණෙයි.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මුජිබර් රහුමාන් (සජබ)-

මැතිවරණ කොමිසම හරහා විශාල වෙනසක් කර මැතිවරණ පැවැත්වීම සිදුවුණා. මැතිවරණ ඉතිහාසයේ අවම ප‍්‍රචණ්ඩත්වයක් පැවතුණේ මේ කාලයේදීයි අඩුපාඩු තිබුණේ. සාධාරණව පැවැත්වුණා. එහෙනම් 19 මගින් ගෙනා සංශෝධන අහෝසි කර පරණ ක‍්‍රමයට යන්නේ අඩුපාඩු තිබුණත් නම් ඒවා හදාගෙන ඉදිරියට යා යුතුයි.

කොමිෂන් අහෝසි වුවොත් අපි නැවත ආපස්සට යෑමක් සිදුවන්නේ

ඉඩම් ඇමැති එස්. එම්. චන්‍ද්‍රසේන මහතා

මහ මැතිවරණය සාධාරණව පැවැත්වුණා නම් එහි ගෞරවය ලැබිය යුත්තේ අපේ ආණ්ඩුවට. ජනාධිපතිවරණයේදී අපේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෝස්ටර් නැතිව පරිසර හිතකාමී සටනක් කළා.

ඡුන්ද පෙට්ටි පුරවපු කොලයක් තිබුණා. ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම නිසා ඒ කොල්ලය නැවතුනා. පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙකහමාරක් කල්ගියා. පළාත් සභා අවුරුදු තුනක් කල් ගියා. මේවා කඩිනමින් තියන්න කොමිසමට බලයක් නැහැ.

ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා (සජබ) -

රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සුක්කානම මැතිවරණ කොමිසමයි. ජනතාවගේ පැත්තේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීමයි කොමිසමේ කාර්යභාරය. ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම මැතිවරණ කොමිසමට විශාල බලයක් දීලා.

මැතිවරණ කොමිෂන් සභාවට ගරහපු අයට කිව යුතුයි ස්වාධීන කොමිසම ඇති කිරීමට පෙර හා පසුව පැවැති මැතිවරණ ගැන සසඳන්න කියා. එදා වයඹ මැතිවරණය කවුරුත් දන්නවා. මැතිවරණවලදී මිනිස් ජීවිත නැති වෙනවා. ගෙවල් ගිනි තියනවා. ඒ ගෝත‍්‍රික දේශපාලනය නිමා කිරීමට මැතිවරණ කොමිසම සමත් වුණා.

රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා -

සිංහල හා මුස්ලිම් පවුල් විශාල පිරිසක් එදා උතුරෙන් ඉවත් කළා. ඔවුන් යළි පදිංචි කිරීම වගේම ඔවුන්ට එම ප‍්‍රදේශවල ඡුන්ද බලය දීමට මැතිවරණ කොමිසම පියවර ගත යුතුයි.

එදා මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් කොමිසමේ ස්වාධීනත්වය පසෙක තබා පෞද්ගලිකව අධිකරණයට ගියා. ඔහු ද්විත්ව පුරවැසියෙක්. පක්‍ෂපාතීව යම් පියවර ගත්තා. මේ වගේ පක්‍ෂග‍්‍රාහී එන්.ජී. ඕ. නඩවල සිටින අය ඉවත් කළ හැක්කේ 20 ඇති කළ පසුවයි.

පත්කළ මන්ති‍්‍රනී හරිනි අමරසූරිය (ස.ජ.බ)

එක පුද්ගලයකුගේ අඩුපාඩු නිසා මුළු කොමිසමටම අපහාස කිරීම වැරදියි. අපි ඉදිරියට යා යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන දෙසට මිස හකුලා දමන දෙසට නොවෙයි. ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් එය කළ හැකියි. අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා -

19 වන සංශෝධනයේ අඩුපාඩු හා සංවර්ධනයට බාධා පවතින බව පෙනුනා. ඒ නිසයි එම අඩුපාඩු නැති කිරීමට 20 ගෙනාවේ. එහි අඩුපාඩු ඇත්නම් සංශෝධන ගෙන ආ හැකියි.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (ස.ජ.බ) -

දැන් සියල්ලම නොපිට පෙරළෙමින් යනවා. කොමිෂන් සභා අකර්මන්‍ය කරන්න උත්සාහ කරනවා.

මැතිවරණ කොමිෂන් සභාව 19 සංශෝධනයට පෙර තිබුණු තත්ත්වයට පත් කරන්න යනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පඹයින්

ලෙස කටයුතු කරනවා නම් ආණ්ඩුව කැමතියි. 20 වන සංශෝධනය හරහා පුද්ගලික මාධ්‍ය පාලනය කිරීමටත් ආණ්ඩුව සූදානම් වෙනවා. තුනෙන් දෙකක් ආණ්ඩුවට දුන්නේ සදාචාර විරෝධී වැඩ කරන්න නොවෙයි. 20 නිසා අගමැති දුර්වල වෙනවා.

අද ජනතාව ආර්ථික පීඩනයට ලක්වෙලා. බුලත්විට රුපියල් 60 යි. සීනි 140 යි.

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා -

මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමේදී විවිධ පුද්ගලයන් නිසා ප‍්‍රශ්න ඇති වුණා. පක්‍ෂ කාර්යාලයක් හදන්න බැරි වුණා. 19 ට අත ඉස්සුවා කියන කතාවට කිව යුතුයි. 20 ගේනවා කියපු නිසයි 19 ට අත ඉස්්සුවේ. මැතිවරණ කොමිෂන් නීති ක‍්‍රියාත්මක කිරීමේදී ප‍්‍රායෝගික ගැටලූ විසඳිය යුතුයි. ප‍්‍රායෝගික නැති සමහර මහාචාර්යවරුන් ඉන්නවානේ. 19 ගෙනාපු මහාචාර්යවරයා අද රටේත් නැහැ. මැතිවරණ කොමිසමේ තුන්දෙනාම නැතිව තීරණ ගන්න බැහැ. මේ කොමිසම තියෙන තත්ත්වය තුළ ක‍්‍රියාත්මක කරනවාට වඩා හොඳයි 20 ගෙනවිත් අලූත් කොමිසමක් ඇති කළ යුතුයි.

රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා -

කොමිෂන් සභා කිව්වාම ජනතාවට ඇතිවෙන්නේ පිළිකුලක්. ඒ පිළිකුල ඇති කිරීමේ ප‍්‍රමුඛයා මේ මැතිවරණ කොමිසම. කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් ඔහුට ඕන විදියට ක‍්‍රියා කළා. කොමිෂන් සභා නැතුවත් මැතිවරණ තිබ්බා. ඒ හැම මැතිවරණයක්ම ¥ෂිත නැහැ. අඩුපාඩු තිබ්බත් හොඳ මැතිවරණයක් තිබ්බා. තව පොඞ්ඩෙන් පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දානවා. අපේක්‍ෂකයකුට කාර්යාලයක් දුන්නේ නැහැ. හැම පක්‍ෂයක්ම කාර්යාලයක් දාන්න ඉල්ලූවා. අවම ලෙස ප‍්‍රචාරය කරගන්න පක්‍ෂ කාර්යාලයේ පක්‍ෂයේ අංකය, මුහුණ ප‍්‍රදර්ශනය කරන්න දුන්නේ නැහැ.

යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා (දෙ.ජා.සං.) මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ට පෞද්ගලිකව ප‍්‍රහාර එල්ල කරනවා. ඔහු මැතිවරණයට ඡුන්ද දෙන්න එපා කිව්වේ නෑ. ඔහුට එරෙහිව බොරු කියනවා. මැතිරවණ කොමිසම නිසියාකාරව ක‍්‍රියාකර තිබෙනවා.

මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වීරසුමන වීරසිංහ (ශ‍්‍රී.ලං.පො.පෙ)

මැතිවරණ කොමිසමේ පසුගිය කාලයේ ක‍්‍රියාකාරීත්වය තුළින් ඔවුන් පිළිබඳව අවිශ්වාසයක් ජනතාව තුළ ඇති වී තිබෙනවා. අපේ රටේ 19 සංශෝධනය නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ඇතිවුණා. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභා ගැනත් අවිශ්වාසය වැඩි වුණා.

ගම්පහ දිස්ති‍්‍රක් මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා (සජබ) -

මැතිවරණ කොමිසම යටතේ මැතිවරණ 4 ක් තිබ්බා. ඒ හතරේම ස්වාධීන සාමකාමී මැතිවරණ වුණා.

පොලිස් කොමිසම නිසා පොලිස් නිලධාරීන් අනවශ්‍ය පරිදි මාරු කරන්න බැහැ. රාජ්‍ය සේවා කොමිසමත් එහෙමයි. කොමිෂන් අහෝසි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක්.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා -

මැතිවරණ කොමිසම පමණක් නොව හැම කොමිෂන් සභාවක්ම පසුගිය ආණ්ඩුව අවභාවිතා කළා. මැතිවරණ කල් දාලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කළේ යහපාලන ආණ්ඩුව. අවශ්‍ය වෙලාවටත් කලින් මැතිවරණ දුන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව. ප‍්‍රථම පළාත් සභාව උතුරේ පිහිටෙව්වෙත් මහින්ද රාජපක්‍ෂ යුගයේයි. එදා මැච් එක ගහන්න පිච් එක හදලා දෙන්න කියලා කොමිසම කිව්වා. ඒත් එදා ආණ්ඩුව මැතිවරණ තියන්න ඉඩ දුන්නේ නැහැ.

වන්නි දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා (සජබ)

පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් පලවා හැරි මුස්ලිම් ජනතාව නැවත පදිංචි කළා. ඔවුන්ට ඡුන්දයක් තිබෙනවා. ඔවුන් විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දීලා. පසුගිය මැතිවරණයේදී ඡුන්දය දීමට ඔවුන්ට ඉඩ දුන්නේ නෑ. ජනතාවගේ ඡුන්ද අයිතියට එරෙහිව ක‍්‍රියා නොකළ යුතුයි. පුත්තලමේ අවතැන් අයගේ ඡුන්ද අයිතිය නැති කරන්න එපා.

පත්කළ මන්ත‍්‍රී සුරේන් රාගවන් මහතා (ශ‍්‍රීලපොපෙ) -

යාපනය පුස්තකාලය ගිනි තබා අළු කළ මැතිවරණ මේ රටේ තිබුණා. වාර්ගික හෝ ආගමික පදනමකින් පක්‍ෂ ලියාපදිංචි කිරීම තහනම් කරන්න. ශ‍්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වන්න ඉඩ දෙන්න. ඒ වගේම විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයන්ට මැතිවරණයට ඡුන්ද ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ඇති කළ යුතුයි.

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා -

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න ක‍්‍රියා කළ බව කියපු යහපාලන ආණ්ඩුව මැතිරවණ කීයක් කල් දැම්මාද?. ජාතිවාදී අන්තවාදී පුද්ගලයන් කොමිෂන්වලට පත් නොකළ යුතුයි. ඒ වගේම ජාතිවාදී හෝ ආගම්වාදී නම්වලින් පක්‍ෂ ලියාපදිංචි කිරීමට නොහැකි වන පරිදි නීති සම්මත කළ යුතුයි.

මාතලේ දිස්ත‍්‍රික් මන්තී‍්‍රනි රෝහිණී කවිරත්න මහත්මිය (සජබ) -

නිදහස් හා සාධාරණ මැතිවරණයකින් බලයට ආ ජනාධිපති අද ඒ නිදහස් මැතිවරණ ක‍්‍රමයෙන් ඉවත් වෙන්න යනවා. දැන් යළිත් කුප‍්‍රකට වයඹ මැතිවරණ ක‍්‍රමයට ආණ්ඩුව යන්න හදනවා. මැතිවරණවලට බයද කියා අපට අහන්න සිදුවෙනවා.

මාතලේ දිස්ත‍්‍රික්කයෙන් පැරදිච්ච අය යළි මනාප ගණන් කරන්නලූ. රජයේ සේවකයන්ට මනාප ඡුන්ද ගණන් කරන්න අසීරුයිලූ.

රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා -

මේ රටේ පැවැති මැතිවරණවලින් වැඩිම කාලයක් ගත වුණේ පහුගිය මැතිවරණයටයි. ඒ සඳහා මාස පහක් ගත වුණා. ඒ මාස 05 දී රට ආපස්සට ගියා නම් ඊට මැතිවරණ කොමිසම වගකිව යුතුයි. මැතිවරණ කල් දාන්න කොමිසමේ සමහරු උසාවි ගියත්, මැතිවරණය ඉක්මනින් තියන්න කවුරුවත් කතා කළේ නැහැ.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා -

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වී සිටියදී ඔහු මැතිවරණ වලට එරෙහිව නඩු දැම්මා. ඔහුට එසේ කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. කොමිසමේ සාමාජිකයන් 03 යි. ගණපූර්ණයත් 3 යි. හූල් ගිහින් හැංගුණොත් මැතිවරණ ගැන තීරණ ගන්න බැහැ. මෙහෙම 19 තියා ගන්න පුළුවන්ද? ව්‍යවස්ථාවක තියෙන අඩුපාඩු එය ක‍්‍රියාත්මක කරන විට පේනවා. ඒ අනුව සාමාජිකයන් 5 ක් කරලා ගණපූර්ණය 3 ක් කළ යුතුයි.

අපි එදා යෝජනා කළා මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීමට. 19 සංශෝධනයට පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරු ඡුන්ද දුන්නේ 20 ගෙන ඒමේ පොරොන්දුවටයි.

මැතිවරණ කොමිෂන් සභාවට විතරක් සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න බැහැ. ඊට හොඳ මැතිවරණ ක‍්‍රමයක් අපි ඇති කළ යුතුයි. යම් සාධනීය ඡුන්ද ප‍්‍රතිශතයක් ගන්න බැරි පක්‍ෂ කපා දැමිය යුතුයි. ඡුන්ද පත‍්‍රිකාව අඟල් 26 ක් දිගයි. මේවා හැමදාම විය යුතු නැහැ.

පාර්ලිමේන්තුව අද (24 දා) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ, රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles