Divaina - ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කටයුතු නිලන්ත කළහම ඇති බව හිටපු ජනපති කීවා - හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම

- ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විවෘතව කටයුතු නොකරන ලෙසටත්, එම කටයුතු නිලන්ත ජයවර්ධන විසින් කෙරුවාම ඇති බවත්, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් තමාට පැවසූ බව, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (23 දා) පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසීය.

එම කොමිෂන් සභාව ඊයේ දිනයේදී අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැුස්වූ අතර, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ සාක්ෂි විමසීම හමුවේ පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

කොමිසම - අඟහරුවාදා පැවති බුද්ධි සම්බන්ධීකරණ රැුස්වීමට පොලිස්පතිවරයා සහභාගි වීමේ පරමාර්ථය කුමක්ද?

සාක්ෂිකරු - පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වීමට සහ එම රැුස්වීමේදී සාකච්ඡුා වන කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා

කොමිසම - ඔබට මතක ද ඔබ සහභාගි වූ රැුස්වීමට මුලසුන ජාතික බුද්ධි ප‍්‍රධානියා විසින් හෙබවූ බව.

සාක්ෂිකරු - මතක නැහැ.

කොමිසම - 2018 ඔක්තෝබර් 26 ට පෙර ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ රුවන් විජයවර්ධන මහතා හමුවී තිබෙනවාද? ආරක්ෂක සම්බන්ධීකරණ රැුස්වීම්වලදී හමුවී තිබෙනවාද?

සාක්ෂිකරු - හමු වී තිබෙනවා.

කොමිසම - ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රවි සෙනවිරත්න මහතා සමග කටයුතු කළාද?

සාක්ෂිකරු - කලක සිට දන්නවා. අපි කලිනුත් ති‍්‍රකුණාමලයේදී කටයුතු කර තිබෙනවා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම ගැන මටත් දැනුම් දුන්නා. ඒ සඳහා මගේ නිර්දේශය ශක්තිමත්්ව ඉදිරිපත් කළා.

කොමිසම - ඔවුන් සමග සුහද සම්බන්ධයක් තිබුණා කියලා කිව්වොත්

සාක්ෂිකරු - පිළිගන්නවා

කොමිසම - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු්වේ අධ්‍යක්ෂවරුන් කී දෙනකු දැන සිටියාද?

සාක්ෂිකරු - මම පොලිස්පතිවරයා ලෙස සිටියදී අවසානයට සිටියේ ශානි අබේසේකර මහතා ඊට පෙර නාගහමුල්ල මහතා සිටියා.

කොමිසම - විශේෂ කාර්ය බළකාය පැවතියේ ඔබ යටතේද?

සාක්ෂිකරු - ඒ පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක් පැනනැඟුණා. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ඇති කිරීමෙන් පසු එම බළකායේ පොලිස් නිලධාරීන් සේවය කරන නිසා ලිපි හුවමාරුවක් කළා. එම බළකාය තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ.

කොමිසම - විශේෂ කාර්ය බළකායේ ලතීෆ් මහතා සමග තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද?

සාක්ෂිකරු - යහපත් සම්බන්ධයක් තිබුණා.

කොමිසම - අඟහරුවාදා පැවති බුද්ධි සමාලෝචන රැුස්වීමට ලතීෆ් මහතා සහභාගි වූවාද?

සාක්ෂිකරු - විශේෂ මතකයක් නැහැ. ඔහු නිතරම සහභාගි වූ නිලධාරියකු නොවෙයි.

කොමිසම - නිත්‍ය සාමාජිකයකු නොවෙයිද?

සාක්ෂිකරු - මගේ මතකයේ හැටියට.

කොමිසම - සෑම අඟහරුවාදාවකම එම රැුස්වීම නොතිබ්බේ ඇයි?

සාක්ෂිකරු - සමහර අඟහරුවාදා දිනවල රැුස්වීම නොපැවැත්වීමේ හේතුව අපට කිව්වේ නැහැ.

කොමිසම - එම රැුස්වීමේ පොලිස්පතිවරයා නිත්‍ය නියෝජිතයකු වූයේ ඇයි?

සාක්ෂිකරු - නීතිය හා සාමය පිළිබඳ කරුණු සාකච්ඡුා කරන විට ඊට අදාළ කරුණු ඉදිරිපත් කිරීමට සිද්ධ වූවා.

කොමිසම - හදිසි අවස්ථාවක් නොමැති විටදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන්නේ පොලිසියට බව පිළිගන්වාද?

සාක්ෂිකරු - පිළිගන්නවා.

කොමිසම - නීතිය හා සාමය සුරැුකීමේ වගකීම පොලිස්පතිවරයාට පැවරෙනවා නේද?

සාක්ෂිකරු - පිළිගන්නවා.

කොමිසම - පොලිස් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කරන්නේ කෙසේද?

සාක්ෂිකරු - පොලිස් ඇඳිරි නීතිය ප‍්‍රකාශ කිරීමට පොලිස්පතිට පුළුවන්. නමුත් ඊට හේතු වන කරුණු ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දිය යුතුයි. එවැනි අවස්ථා උදා වූ විට මම පොලිසිය භාර ඇමැතිවරයාගෙන් විමසුවා.

එවැනි අවස්ථාවක් උදා වූ විට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විමසනවා.

කොමිසම - ඇයි අගමැතිවරයාගෙන් උපදෙස්

ගන්න ගියේ.

සාක්ෂිකරු - රටේ අගමැතිවරයා ලෙස

කොමිසම - අගමැතිවරයා සමග සාකච්ඡුා කරන්න බාධාවක් තිබුණේ නැද්ද?

සාක්ෂිකරු - තිබුණේ නැහැ. සහසම්බන්ධතාවය නැති වූ අවස්ථාවේ අසීරුතාවට පත්වූ අවස්ථා තිබුණා. එම අවස්ථාවලදී සමබරතාවය රැුකගත්තා.

කොමිසම මොකද්ද අසීරුතාවය.

සාක්ෂිකරු - කවුරුත් දන්නවා. දේශපාලන ඝට්ටන නිසා තමයි. දින 52 ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව.

කොමිසම - අපට පොදු කාරණා අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ඔබ පත්වූ අසීරුතාවය කුමක්ද කියලා දැනගන්න.

සාක්ෂිකරු - මම උපරිමයෙන් මමම එම තත්ත්වය දරා ගත්තා. ආරක්ෂක ලේකම්වරයා සමග කටයුතු කළා.

කොමිසම - නීතිය හා සාමය රැුකීමට එම අසීරුතාවය බාධාවක් වූ අවස්ථා තිබුණාද? ඒ සඳහා උදාහරණ කියන්න.

සාක්ෂිකරු - උදාහරණ තිබෙනවා. පොලිස් කොමිසම සමග මම බ‍්‍රහස්පතින්දා දවස්වල සාකච්ඡුාවලට ගියා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කිරීම, ස්ථානාධිපතිවරුන් පත් කිරීම, අනුප‍්‍රාප්තිකයන් ගැන එම රැුස්වීම්වලදී කතා කරනවා. එවා නතර වූ අවස්ථා තිබෙනවා.

කොමිසම - කවුද නැවැත්වූයේ.

සාක්ෂිකරු - එවකට සිටිය ජනාධිපතිතුමා

කොමිසම - හදිසි අවස්ථාවකදී පොලිසියේ සහාය සඳහා හමුදාව කැඳවන්න පුළුවන්ද?

සාක්ෂිකරු - ප‍්‍රාදේශීය තත්ත්වයකදී නම් හමුදා බල සේනාධිපතිවරුන් සමග කතා කරලා සහාය ලබා ගන්නවා. නමුත් වගකීම තිබෙන්නේ පොලිසියට. අත්අඩංගු-වට ගැනීම්, උසාවියට වාර්තා කිරීම් ඇතුළු සියල්ල කළ යුත්තේ පොලිසිය විසින්.

කොමිසම - 2019 අපේ‍්‍රල් 20 ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබුණු විට හමුදා සහාය ලබා ගන්න තිබුණා නේද?

සාක්ෂිකරු - එම කටයුතු කිරීමේදී දැනුවත් වීමක් වූවා අවසාන වෙලාවෙදී. එම අවස්ථාවේ ව්‍යාකුල භාවයක් තිබුණා. එම අවස්ථාවේ තිබුණ දේශපාලන පරිසරය කලින් දී තිබූ උපදෙස් සහ රාජ්‍ය ප‍්‍රතිප්තති අනුව තමයි මම එම අවස්ථාවේ පොලිස්පති ලෙස කටයුතු කළේ.

කොමිසම - හමුදා කැඳවීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තිබෙනවාද?

සාක්ෂිකරු - තිස්එක නියෝග අවශ්‍යයි. මොකක්ද කරන්නේ, මොකක්ද ස්වභාවය කියලා කියන්න වෙනවා. අනික ඇති වන ප‍්‍රතිඵලවල වගකීම කවුද ගන්නේ.

කොමිසම - 2019 අපේ‍්‍රල් 20 පැවති තත්ත්වය අනුව තීරණ ගත් බව ඔබ සඳහන් කළා නේද?

සාක්ෂිකරු - එවකට තිබුණ තත්ත්වය අනුව ලැබුණු තොරතුරු අනුව පියවර ගත්තා.

කොමිසම - ඔබ සමබරව කටයුතු කළ බව සඳහන් කළා. ඒ කිව්වේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමගද?

සාක්ෂිකරු - මම ඉන් අදහස් කළේ පොලිස් රාජකාරි කිරීමේදී ඉල්ලීම් සහ බලපෑම්වලට යටත් නොවී පුළුවන් තරම් දුරට පොලිසියේ ක‍්‍රමය අනුව කටයුතු කිරීම තමයි.

කොමිසම - ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙනස් විධියට උපදෙස් දුන්නාද?

සාක්ෂිකරු - එසේ තිබුණු අවස්ථා තිබුණා. එබඳු අවස්ථාවලදී මම ජනාධිපතිතුමාගේ තීරණයට අවනත වූවා.

කොමිසම - 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි පොලිස් කොමිසම පිහිටු වූයේ.

සාක්ෂිකරු - මුල් කාලයේ තිබුණේ නැහැ. අවසාන කාලයේදී ආවා.

කොමිසම - අවසාන කාලයේදී කියලා කිව්වේ.

සාක්ෂිකරු - 2018 වර්ෂයේ මුල පටන් 2019 අවසන් කාලයේ පටන්.

කොමිසම - ඒ කාලයේ ඔබට කට අරින්න බැරුව තිබුණ බව ඔබ සඳහන් කරලා තිබුණා. නමුත් දැන් කට අරින්න පුළුවන්නේ.

ඔබ ආරක්ෂක කවුන්සිල රැුස්වීමට සහභාගි නොවූයේ ඇයි?

සාක්‍ෂිකරු - එවකට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ කපිල වෛiරත්න මහතා. ආරක්‍ෂක කවුන්සල රැුස්වීම පිළිබඳව සාමාන්‍යයෙන් දැනුම් දෙන්නේ පෙර දවසේ. සමහර වෙලාවට එම රැුස්වීම තබන දිනයේ පෙරවරුවෙත් දැනුම් දෙනවා. 2018 ඔක්තෝම්බර් 23 වන දින ආරක්‍ෂක කවුන්සිල රැුස්වීම තිබුණේ පස්වරු 5.00 ට එදින රැුස්වීම පිළිබඳව මම දවල් වරුවේ දැන ගත්තා. නමුත් ආරක්‍ෂක ලේකම්තුමා ඒ පිළිබඳ මට දැනුම්දී තිබුණේ නැහැ. එම නිසා එදින සවස 4.30 ට පමණ මට සිතුනා ඒ පිළිබඳ ආරක්‍ෂක ලේකම්තුමාගෙන් අහන්න ඕනි කියලා. ඒ අනුව මම ලේකම්තුමාගෙන් එදින සවස 5.00 ට ආරක්‍ෂක කවුන්සලය රැුස්වනවා නේද කියලා ඇසුවා. එම අවස්ථාවේදී වෛiරත්න මහතා මට ප‍්‍රකාශ කළා මට ඔයාව අපහසුතාවයට පත් කිරීමට බැහැ. ඔයා මේ

ගැන අහපු එක හොඳයි. ජනාධිපතිතුමා කිව්වා ඔබට මෙම රැුස්වීම තියන්න එපා කියලා’’ යනුවෙන් සඳහන් කළා. එම අවස්ථාවේදී මම ඇසුවා පොලිසිය නියෝජනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එවන්නද කියලා. එම අවස්ථාවේදී වෛiරත්න මහතා සඳහන් කළා. ඕනනෑ අවශ්‍ය නම් පසුව කියන්නම් කියලා. එය නිශ්චිත නියෝගයක් නිසා මම ඉන් පසුව එම රැුස්වීම ගැන ඇසුවේ නැහැ.

එහෙත් මගෙන් පසුව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී වෙනත් අය එම රැුස්වීමට ගියා. මට විශාල අපහසුතාවයක් ඇතිවූවා.

කොමිසම - පෙරලියක ඇරඹුම එතනද? ඔබ අයි කියලා ඇසුවේ නැද්ද? අවසානයේ විශාල විනාශයක් වූයේ එම නිසා නේද?

සාක්‍ෂිකරු - ඒ සඳහා පසුබිම සකස් වූයේ 2012 සහ 2013 සිට. ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ තත්ත්වය සමඟ පාලනයක් නැතිව තිබීම සහ අවශ්‍ය පියවර නොගැනීම නිසා ඇතිවූ තත්ත්වයක්.

කොමිසම - ඔබ දැන් දන්නවා ඇති නේ, ඔබට ආරක්‍ෂක කවුන්සිල රැුස්වීම තහනම් වූයේ ඇයි කියලා.

සාක්‍ෂිකරු - ඒ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපෑ කාරණය වූයේ අයි. පී. නිශාන්ත සිල්වා කියන නිලධාරියාගේ ස්ථාන මාරුව.

කොමිසම - ඒ සිදුවීම පිළිබඳව ඇතුළට බැහැලා තොරතුරු කියන්න.

සාක්‍ෂිකරු - නිශාන්ත ද සිල්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ ගණනාවක් කළා. විශේෂයෙන්ම රවි විජේරත්නගේ සිදුවීම. එම පරීක්‍ෂණ නිසා හමුදාවේ අය පොලිසියේ අය අත්අඩංගුවට ගත්තා. ආරක්‍ෂක මණ්ඩලයේදී ඒ පිළිබඳ කතා කළා. මෙයා පළිගන්නවා. මෙයා ගැන කටයුතු කරන්න කියලා කිව්වා. මම තමයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටියේ. ශානි අබේසේකර මහතා තමයි අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළේ. මම කිව්වා මෙහෙම ඉල්ලීමක් තිබෙනවා එක්කෝ ඒක කරන්න වෙනවා. නැතිනම් කරුණු ඉදිරිපත් කරන්න වෙනවා කියලා කිව්වා.

එම කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සිදුකරන නිසා හේතුවක් නැතිව එම කටයුත්ත කරන්න බැහැ කියලා මම ගරු ජනාධිපතිතුමාට කිව්වා. ඒ අය එක්ක ගිහින් ජනාධිපතිතුමාට කරුණු කියන්න කියලත් කිව්වා. එම තත්ත්වය තමයි තිබුණේ.

එහෙත් ජනාධිපතිතුමා විදේශ ගතවූ අවස්ථාවක ආරක්‍ෂක ලේකම්වරයාට කියලා තිබෙනවා. බලකරලම කෙසේ හෝ කරන්න කියලා. මම කිව්වා ඒ සඳහා පදනමක් නැහැ කියලා. නමුත් මහ කතන්දරයක් වන බව මට කිව්වා.

මම වාර්තාවක් පොලිස් කොමිසමට ඉදිරිපත් කළා. ඒ අනුව එම කොමිසමේ අනුමැතිය ඇතිව ස්ථාන මාරුවක් කළා. ඒත් මගේ හිතට අපහසු නිසා ඇත්ත විස්තරය කිව්වා. ආරක්‍ෂක මණ්ඩලයේදී ආ

නියෝගයක් අනුව මාරුවීම කළ බව කිව්වා. එසේ නොව්වා නම් මගේ හේතුවක් කියලා සිතනවා.

විදේශ ගතවූ ජනාධිපතිතුමා දවස් දෙකකට පමණ පසුව ආවා. ගුවන් තොටුපළට මමත් ගියා. ජනාධිපතිතුමා එතුමාගේ වාහනයේ නැගලා පිටත්වීමෙන් පසුව මමත් පිටත්වූවා. ඉන් ටික වේලාවකට පසුව මට ජනාධිපතිතුමාගෙන් ඇමතුමක් ආවා. ජනාධිපතිතුමා මගෙන් ඇසුවා කවුද නිශාන්ත සිල්වා මාරු කළේ කියලා. මම කිව්වා මමයි කළේ කියලා. ජනාධිපතිතුමා යළිත් මගෙන් ඇසුවා කවුද කිව්වෙ කියලා. මම කිව්වා මෙම මාරුවීම කළයුතුම බව ඔබතුමා දැන්වූ බව මට ආරක්‍ෂක ලේකම්තුමා දැනුම් දුන් බව. ඒ එක්කම මම ලේකම්තුමාට ඇමතුමක් අරගෙන ජනාධිපතිතුමා පාවිච්චි කළ වචන සමඟම, ජනාධිපතිතුමා කිව්ව දේ කිව්වා. ජනාධිපතිතුමා දැන් ඇමතුමක් ගනිවී කියලත් මම ලේකම්තුමාට කිව්වා. ඉන් පසුව ලේකම්තුමා මට කතා කරලා කිව්වා ජනාධිපතිතුමා කිව්වා කියලා අරක අහෝසි කරලා දාන්න කිව්වා කියලා. ඒ අනුව මම එම මාරුව වෙනස් කළා. මම එම නිලධාරියා

මීගමුවට මාරු කරලා ආරක්‍ෂාව පිළිබඳවත් සොයා බැලූවා.

කොමිසම - දැන් කියන්න ජනාධිපතිතුමා එය වෙනස් කළේ ඇයි කියලා?

සාක්‍ෂිකරු - මම දන්න විධියට මේ පිළිබඳව ලොකු බලපෑමක් ඇමැතිතුමන්ලාගෙන් පවා ඇවිත් තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස, මහින්ද අමරවීර වැනි අය කතා කරලා තිබෙනවා. ඒ සඳහා ලොකු පීඩනයක් එන්න ඇති කියලා සිතුවා.

කොමිසම - තවත් කට ඇරලා කියන්න පුළුවන් දේ තිබෙනවාද?

සාක්‍ෂිකරු - මටම සීමා කරගත්දේ තිබුණා. තවත් දේ තිබෙනවා.

කොමිසම - පාස්කු ප‍්‍රහාරයට අදාළ දේ තිබෙනවාද?

සාක්‍ෂිකරු - සෘජුවම සම්බන්ධ එකක් මතක් වූවා. එය එකිනෙක හා බැඳුණු කි‍්‍රයාදාමයක්. ස්ලාම් අන්තවාදීන්ගේ පරීක්‍ෂණ කටයුතු නිසා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සුවිශේෂ බවක් තිබුණා. එල්. ටී. ටී. ඊ. කාලයේ සිට එය තිබුණා. මට හිතුණා ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න ඕන කියලා. ඒ අනුව කපිල වෛiරත්න මහතාගෙන් ඉල්ලීමක් කළා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අයට බුද්ධි සමාලෝචන

රැුස්වීමේදී ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අවස්ථාවක් දෙන්න කියලා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් පීරිස් මහතා ආවා. විශේෂ අවස්ථා වලදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අය ගෙන්වා අන්තවාදය ගැන දේශන කළා.

2017 අවසාන කාලයේ සිට සහ 2018 මුල පටන් ලේකම්වරයා වගේම විෂය භාර ඇමැතිවරයාත් ඒ පිළිබඳව දැනුවත් කළා. නාලක සිල්වා මමත් සමඟ තුන් වතාවක් ජනාධිපතිතුමා ළඟට ගියා. ඒ ගියේ පැජට් පාරේ නිවසට. එම අවස්ථාවලදී ජනාධිපතිතුමා කිව්වා බොහොම පරිස්සමින් ඉදිරියට කරගෙන යන්න කියලා.

දවසක් නාලක සිල්වා මට කිව්වා එච්. ඊ කතා කරනවා කියලා. මම කිව්වා මට නම් කිව්වේ නැහැ ඔයා යන්න කියලා. එය දෙපාරක් සිද්ධ වූවා.

ජනධිපතිතුමා කිව්වේ, මේක හරි සංවේදී වැඩක් පරිස්සමින් කරන්න ඕනි කියලා. අපි අවුරුදු 30 ක් යුද්ධයෙන් බැට කෑවා කියලා කිව්වා. මේක මුස්ලිම් අයගේ ප‍්‍රශ්නයක්. ලොකු අර්බුදයක් ඉදිරියට ඇතිවෙන්න පුළුවන්. බොහොම පරිස්සමින් කරන්න ඕනි කියලා කිව්වා.

ඊට පසුව කරුණු ඉදිරිපත් කරන කොට, රට රටවල තොරතුරු ඉදිරිපත් කරන කොට ඒවා සාකච්ඡුාවට ගත්තේ නැහැ. බුද්ධි අංශ යේ බලධාරීන් කතා කළේ නැහැ. ඒත් දවසක් ගරු ජනාධිපතිතුමා මට කිව්වා මේ ගැන විවෘතව පරීක්‍ෂණ කරන්න එපා කියලා. නිලන්ත කෙරුවම ඇති කියලත් කිව්වා.

ඒක පිළිබඳව මට ලොකු අපහසුතාවයක් තිබෙනවා.

කොමිසම - ඔබගේ කලකිරුණු මානසිකත්වය පාස්කු සිදුවීම සඳහා බලපෑවාද?

සාක්‍ෂිකරු - වේදනාකාරී තත්ත්වයක් ඇතිවූවා. කියන්න කෙනෙකු සිටියේ නැහැ. සාකච්ඡුා කරලා වැඩක් නැහැ. නැවත කියන්නත් බැහැ. මට පුළුවන් කටයුතු කරගෙන සිටියා. ලේකම්තුමාගේ උපදෙස් ගත්තා. අවශ්‍ය වුවහොත් ජනාධිපතිතුමාට කතා කළා.

කොමිසම - එම තත්ත්වය පාස්කු සිදුවීම සඳහා බලපෑවාද?

සාක්‍ෂිකරු - එම තත්ත්වය දවස් දෙක තුනක් තිබුණා. පසුව මතක් වූවා. නමුත් මම එය ප‍්‍රධාන දෙයක් කර ගත්තේ නැහැ. එය හේතුවක් වූයේ නැහැ.

හිටපු ජනපති ඊයේත් කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ දින පස්වරුවේත් පාස්කු කොමිසමේ සාක්‍ෂි විභාගයට සවන් දීමට පැමිණ ඇත.

හිටපු ජනපතිවරයා කොමිසමට පැමිණෙන විට හිටපු පොලිස්පතිවරයා සාක්‍ෂි ලබාදෙමින් සිටියේය. සිරිසේන මහතා විනාඩි 45 ක් පමණ කොමිසමේ රැුඳී සිටියේය.

එරික් ගාමිණී ජිනපි‍්‍රය

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles