Divaina - කෝප්- කෝපා කටයුතු මාධ්‍යයට විවෘත කරන්නේ නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

- පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) කටයුතු මින් ඉදිරියට මාධ්‍යයට විවෘත නොකරන බව ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවැසීය.

හිටපු ජනාධිපතිට සහ හිටපු ඇමැතිවරුන්ට පහර ගැසීම සඳහා පැවැති ආණ්ඩුව එය මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කර ගත් බවත්, ජනතාව වත්මන් ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාදුන්නේ එවැනි බොරු සංදර්ශන නතර කිරීමට බවත් ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරයා ප‍්‍රකාශ කළේය.

ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ දෙය තමන් නැවත ආරම්භ නොකරන බවත් මෙම කාරක සභා මාධ්‍යයට විවෘත කිරීමෙන් සිදුවූයේ තමන්ට ඕනෑ දෙය පමණක් මාධ්‍යවල උලූප්පමින් හිටපු ජනාධිපතිට, ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පහර ගැසීම බවත් ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරයා කීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත නොකිරීමේ සූදානමක් තිබෙනවාදැයි සමගි ජනබලවේගයේ මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරයා එසේ කීය.

එස්.එම්. මරික්කාර් මහතා- පාර්ලිමේන්තුව සජීවීව විකාශය කෙරෙනවා. ප‍්‍රමාදයක් නැහැ. ඒ වගේ කෝප් එකත් පෙන්වන්න. අපි එලෙස කි‍්‍රයා කළා.

කථානායක- අපි ඒ ගැන බලන්නම්.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා- පහුගිය පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස කෝප් සහ කෝපා මාධ්‍යයට විවෘත කරන ලෙස මං පාර්ලිමේන්තුවට යෝජනා කළා. එය පාර්ලිමේන්තුවේ අනුමත වුණා. ඒ අනුව එම සභාවල කටයුතු මාධ්‍යයට විවෘත වුණත් විනිවිදභාවයක් ඇති වුණා.

ජයන්ත කැටගොඩ මහතා- දැන් තිබෙන්නේ අපේ ආණ්ඩුවක්. ඒ කාලයේ කළ දේවල් කරන්න නොවේ අපි පත්වුණේ.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා- මේවා මාධ්‍යයට දීලා හිටපු ජනාධිපතිට, ඇමැතිවරුන්ට පහර ගැසීම විතරයි කළේ. අපිත් කැමතියි මේවා පෙන්වන්න. මොකද අපි ඉස්සරහට කතා කරන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ කරපු දේවල් ගැනයි. හැබැයි සදාචාරයක් තිබිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවයත් අපි රැුකිය යුතුයි. අපි බොරු මාධ්‍ය සංදර්ශන කරන්න යන්නෙ නැහැ. අපට 2/3 ක් දුන්නේ ඒ සංදර්ශන ප‍්‍රතික්‍ෂේප කරමිනුයි. එලෙස එපා කියූ දෙය අපි නැවත ආරම්භ කරන්නේ නැහැ.

නලින් බණ්ඩාර මහතා- හැබැයි කෝප් කමිටුවේ සභාපති අපට ඊයේ පැවැසුවේ මාධ්‍යවලට විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී මාධ්‍ය තීරණයක් අරගෙන දැනුම් දෙන බවයි. මෙය කෝප් සභාපති චරිත හේරත් මහතාට කළ බලපෑමක්.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා- පක්‍ෂ නායක රැුස්වීමේදී මෙම තීරණය ගත්තේ. කිරිඇල්ල මහතාත් එතන සිටියා. ඒත් නලින් බණ්ඩාරට ඒවා දැන ගන්න කල් යනවා.

කුෂාන් සුබසිංහ - රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles