Divaina - ජනපති ගමින් ගමට යයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 4ගම්බද ජනතාව මුහුණදී සිටින  ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් ගමින් ගමට සංචාරය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණදී සිටින ගැටලූ සෘජුවම හඳුනාගෙන ඊට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මෙසේ ගමින් ගමට යෑමට තීරණය කර තිබේ.

මෙහි පළමු අදියර යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (25 වැනිදා) බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම ගමින් ගමට සංචාරය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපතිවරයා ජනතාවගේ ජීවනෝපාය, ඉඩම් හා නිවාස, ඉඩම්, සෞඛ්‍ය සහ ප‍්‍රවාහන, අධ්‍යාපන, පාසල්, වගා, පානීය ජල, වනඅලි, කෘෂිකර්ම ඇතුළු ජනතාව මුහුණදී සිටින ප‍්‍රධාන ගැටලූවලට විසඳුම් ලබාදීමට ප‍්‍රමුඛත්වයක් ලබාදීමට තීරණය කර ඇත.

මෙහිදී ජනතා ගැටලූවලට විසඳුම් ලබාදීමේදී අදාළ ප‍්‍රදේශයේ බලධාරීන් පමණක් සහභාගි කරවා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු යොදා ඇති අතර, මෙම හමුවලදී සෘජුවම සිය ගැටලූ ඉදිරිපත් කරන ලෙසට හෙතෙම මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඊට අමතරව ජනතාවගෙන් ඉදිරිපත් වන ගැටලූ එම ස්ථානයේදීම ක්‍ෂණිකව විසඳීමටත්, විසඳීමට කල්ගත වන ගැටලූ පසුව නිරාකරණය කිරීම පිණිස සටහන් කර ගැනීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

ලසිත දුමින්ද
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles