Divaina - සේවකයකුට කොරෝනා: - කටාර්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වසා දමයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කටාර්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් එම කාර්යාලය ලබන මස 05දා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අදාළ කාලය තුළ හදිසි සේවා අවශ්‍යතා සදහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් සහ දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ද එම තානාපති කාර්යාලය පියවර ගෙන ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවාවන් සඳහා 7470341 යන දුරකථන අංකයත්, කම්කරු හා සුබසාධන සේවා ස`දහා 70088771 අංකයත් අමතන ලෙස සහ ක්‍ෂණික අවධානය යොමු විය යුතු කරුණු සඳහා coìular.doha@ mfa.gov.lk යන විද්‍යුත් තැපෑලට පිවිසෙන ලෙසත් එම තානාපති කාර්යාලය දැනුම් දෙයි.

මේ අතර සවුදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරියකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ලබන 26 වැනිදා දක්වා එම කාර්යාලය ද මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

සමන් ගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles