Divaina - මද්දුම බණ්ඩාර සම්බන්ධන් ඇතුළු 5 ක් 20 ට එරෙහිව පෙත්සම් ගොනු කරති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 2විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඊයේ (23 දා) දිනයේදී සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව පහක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ පෙත්සම් ගොනු කළහ.

රංජිත් මද්දුම බණ්ඩාර හා ආර්. සම්බන්ධන් යන මහත්වරුන්ට අමතරව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු, අනිල් කාරියවසම් හා ශී‍්‍ර ලංකා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු යන සිව්දෙනා සෙසු පෙත්සම්කරුවෝ වෙති.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති රැුසක් ඇති බැවින් එය පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර ඡුන්දයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බවට නිගමනය කරන්නැයි එකී පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඒ. ජේ. ඒ. අබේනායක
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles