Divaina - අනාගත දරු පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවීමට පෙර පාසලේ සිටම උසස් අධ්‍යාපනය දක්වා සැලැස්මක් හදනවා - ජනපති ගෝඨාභය රාජපක්‍ෂ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

Gota3අනාගත දරු පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක‍්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් අධ්‍යාපනයට ප‍්‍රමුඛතාව ලබාදීම රජයේ අරමුණ වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (21 දා) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡුාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් නොමැති එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ලබාගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබීමේ පසුබිම දරුවාට සකස් කරදීම සහ දරුවා නිරන්තරයෙන් ඇගයීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක්. මුදල් අය නොකරන පෙර පාසල්වල ගුරුවරුන්ට දීමනාවක් ගෙවීමට අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් නියාමනය සහ පුහුණුව තවත් ඉලක්කයක්. පෙර පාසල් දරුවන්ට පූර්ව කුසලතා සංවර්ධනයට දේශීයව නිෂ්පාදිත උපාංග කට්ටලයක් ලබාදීමටත් අප සැලසුම් කර තිබෙනවා. දිවයිනේ සියලූ පාසල් සතු සම්පත් හඳුනාගෙන නිසි ලෙස කළමනාකරණය කිරීම නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ ප‍්‍රධානතම වගකීමක් යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාතික සහ පළාත් පාසල්වල වගකීම් භාර නිලධාරීන් කාර්යාලවලට සීමා නොවී පාසල් වෙත ගොස් ගැටලූ හඳුනාගෙන විසඳුම් දිය යුතු බවත් ගුරුවරුන් අධ්‍යාපන කාර්යාල වෙත එනවා වෙනුවට නිලධාරීන් පාසලට ගොස් ගුරු ගැටලූවලට විසඳුම් දීමේ ක‍්‍රමයක අවශ්‍යතාව ද ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

පීඩාවට සහ හිංසනයට පත්වන කාන්තාවන්ගේ යහපත පිණිස කාන්තාව පිළිබඳ ජාතික කමිටුවක අවශ්‍යතාව සලකා පාර්ලිමේන්තු පනතකින් අවශ්‍ය නීති සම්මත කර ගැනීම මෙම රැුස්වීමේදී සාකච්ඡාවට ලක් කෙරිණි.

අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීමටත් දරුවාට කැළලක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය පිළිබඳවත් මෙහි දී අවධානයට ලක් විය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු රේඛීය ආයතනවල නිලධාරීහු ඇතුඵ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

සුජීව තත්සර සහ ලසිත දුමින්ද

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles