Divaina - පොළොන්නරුවේ කෝටිපති සහල් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

re1 2සහල් සපයන බවට පොරොන්දුවී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56 ක් වටිනා වී තොග ලබා ගනිමින් එම පොරොන්දු කඩකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කෝටිපති සහල් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඊයේ (21 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් පොලොන්නරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

2017 වර්ෂයේදී අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනා විසින් මෙම වී තොග ලබාගෙන ඇති අතර එවකට වෙළෙඳ ඇමැති ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතා මෙම සිද්ධියට මැදිහත්ව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙහිදී එක් ව්‍යාපාරිකයකු මිලියන 33 ක වී ලබාගෙන ඇති අතර අනෙක් ව්‍යාපාරිකයා මිලියන 23 ක වී ලබානෙ ඒවා සහල් බවට පත්කර දෙන බව පවසා අදාළ වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම මුදල් වංචාව පිළිබඳව කාලයක පටන් විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අනුව ඊයේ (21 දා) පොළොන්නරුව ප‍්‍රදේශයට පිටත්ව ගොස් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙලෙස කි‍්‍රයා කර තිබිණ.

මෙම සිද්ධියට අදාළව රුපියල් මිලියන 30 ක් වංචා කර මේ වනවිට රටින් පළාගොස් ඇති තවත් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නුවන් වෙබිසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකෙරේ.

හේමන්ත රන්දුණු සහ සුජීව තත්සර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles