Divaina - මෝටර් රියක් හොරෙන් රැගෙන ගිය රේගුවේ ලොක්කෙක් අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

hira345රේගුව සන්තකයේ තිබූ රුපියල් 70 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් විදේශයකින් ගෙන්වනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් හොර රහසේම රැුගෙන ගිය බව කියන සිද්ධියකට රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු ඊයේ (21 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මෝටර් රථය බලපත‍්‍ර නොමැතිව මෙරටට ගෙන්වා ඇති අතර එය රේගු දෙපාර්තමේන්තුවේ ගේ‍්‍රලයින් - 2 හි තිබියදී ඉබි යතුරු කඩා මෙලෙස හොර රහසේ පිටතට රැුගෙන ගොස් තිබිණි.

මෙම සිද්ධියට අදාළ සැකකාර නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව එහි පැමිණි අවස්ථාවේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිද්ධිය පසුගිය අපේ‍්‍රල් මාසයේදී සිදුව ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නුවන් වෙබිසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදු කෙරේ.

හේමන්ත රන්දුණු සහ සුජීව තත්සර

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles