Divaina - 20 ට එරෙහිව විපක්‍ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

towenty 120 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (22 දා) දිනයේදී පාර්ලිමේන්තු සභා ගැබ තුළ දැඩි විරෝධයක් දැක්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී ඊයේ (21 දා) පැවති කණ්ඩායම් රැුස්වීමේදී මේ බව තීරණය කර ඇති අතර එම තදබල විරෝධය දක්වන ආකාරය කෙසේ විය යුතුද යන්න පිළිබඳව අද (22 දා) පෙරවරුවේදී රැුස්වී සාකච්ඡුා කිරීමට ද තීරණය වී තිබේ.

මෙම තදබල විරෝධය දක්වන ආකාරය පිළිබඳව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, හරින් ප‍්‍රනාන්දු සහ නලින් බණ්ඩාර යන මන්තී‍්‍රවරුන් ඊයේ (21 දා) වෙනම සාකච්ඡුාවක්ද පවත්වා තිබේ.

ඒ අනුව අද (22 දා) දිනයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සභා ගැබ තුළදී ආණ්ඩුවට දැනෙන පරිදි තදබල විරෝධතාවක් දැක්වීමට සමගි ජන බලවේගය තීරණය කළ බව එහි මන්තී‍්‍රවරයකු ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles