Divaina - මිනිස් ඝාතනයකට යද්දී ගොනාකෝවිලේ රොහාගේ සගයන් 2ක් කඳානෙන් අල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 7පාතාල නායක රත්මලාන ගොනාකෝවිලේ රොහාගේ සමීප ගෝලයකු සහ තවත් පුද්ගලයකු මිනිස් ඝාතනයක් සිදුකිරීම ස`දහා ගමන් කරමින් සිටියදී ටී. 56 ගිනි අවියක්ද සම`ගින් ක`දාන ප‍්‍රදේශයේදී ඊයේ (21 වැනිදා) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය පොලිස් කොට්ඨාස දූෂණ විමර්ශන ඒකකයේ සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ගොනාකෝවිලේ රොහාගේ තවත් සමීපතම පාතාල සගයකු වන රාගම රංකැටි නමැත්තාගේ විරුද්ධවාදියකු වූ රාගම ම`ගුල්පොකුණේ ගාමිණී නමැත්තා ඝාතනය කිරීමට සූදානම්ව ක`දාන ප‍්‍රදේශයට පැමිණ සිටියදී මොවුන් දෙදෙනා කොටුකර ගැනීමට හැකි වූ බව පොලිසිය ස`දහන් කරයි.

රාගම රංකැටි විසින් කරනු ලැබූ දැනුම් දීමකට අනුව අත්අඩංගුවට ගත් පාතාල සගයන් දෙදෙනා රාගම ම`ගුල්පොකුණේ ගාමිණී ඝාතනයට පැමිණ ඇතැයිද පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ගාමිණී ඝාතනය කිරීම ස`දහා සූදානම් කරගෙන සිටි ටී. 56 ගිනි අවිය සම`ග එම ගිනි අවියට යොදන මැගසිනයක් සහ උණ්ඩ දහතුනක්ද පොලිසිය සොයාගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ සහ කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන්ගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා, උපපොලිස් පරීක්‍ෂක සමීර, පොලිස් සැරයන් (33508) ධර්මසිරි, කොස්තාපල්වරුන් වන (88617) හෙන්නායක, (19367) බණ්ඩාර සහ පොලිස් මූලස්ථාන විශේෂ කාර්යාංශයේ සැරයන් (53252) බණ්ඩාර යන නිලධාරීහු මෙම මෙහෙයුම සිදු කළහ.

කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමන් ගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles