Divaina - රවිට ඇලෝසියස්ට අල්ලස් කොමිසමෙන් නඩු - අධිචෝදනා 6 ක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- p1 2-පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 58 ක් ලේඛන 32 ක්

-  මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස් යන අය විසින් එකී සමාගම්වල මුදලින් රුපියල් මිලියන 11.68 ක් යොදවා කුලී පදනම මත ලබාගත් කොල්ලූපිටිය මොනැක් නිවාස සංකීර්ණයේ පිහිටි සුපිරි නිවසක පදිංචියට පැමිණීම හා ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු අමාත්‍ය රවි කරුණානායක හා අර්ජුන් ජෝශප් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (21දා) නඩු පවරනු ලැබීය.

2016.2.12 හා 2016.9.30 කාලය අතරතුරදී වෝල්ට් ඇන්ඞ් රෝ ඇසෝසියේටඞ් සමාගමේ හා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ චෙක්පත් යොදවා ලබාගන්නා ලද එම නිවසේ පදිංචියට පැමිණීමෙන් හා පදිංචිව සිටීමෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති රවි කරුණානායක මහතාට චෝදනා එල්ල කර ඇති අතර ඒ සඳහා ආධාර අනුබලදීමේ චෝදනා අර්ජුන් ඇලෝසියස් මහතාට නගා තිබිණි.

එකී අධිචෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 58 දෙනකු හා ලේඛන 32 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා අධිචෝදනා පත‍්‍රය සම`ග ඉදිරිපත් කළ ඇමුණුම් මගින් මහාධිකරණයට පෙන්වා දී තිබිණි.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර වෙන්දේසිවලදී සිදුවී ඇති අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී අනාවරණය වූ එකී චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2015 වසරේ පෙබරවාරි මස පැවැති බැඳුම්කර වෙන්දේසියකදී සිදු වී ඇති මුදල් වංචාව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දසදෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී නීතිපතිවරයා විසින් එලෙස නඩු පැවරීමෙන් අනතුරුව 2016.03.29 හා 2016.03.31 යන දින දෙකෙහි පැවැත්වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී රජයට අයත් රුපියල් බිලියන 51.98 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා යටතේ රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 11 දෙනකුට එරෙහිව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles