Divaina - සීසීටීවී ඔස්සේ හඳුනාගෙන මංතීරු නීතිය කඩ කරන අයට අද සිට නීති පියවර

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 8කොළඹ නගරයේ කි‍්‍රයාත්මක මංතීරු නීතියට අනුව අද (21 වැනිදා) සිට එය කඩ කරන්නන්ට එරෙහිව නෛතික කි‍්‍රයාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.

කොළඹ නගරයට ඇතුළු වීමේදී රියැදුරන්ට රිය අනතුරු අවම කරගනිමින් ආරක්‍ෂිතව සහ විධිමත්ව ගමනාන්තය දක්වා ගමන් කිරීමට පහසුව සැලසීමේ අරමුණින් පොලිසිය මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

මංතීරු නීතියට අනුව කොළඹ නගරය වෙත පැමිණෙන යතුරුපැදි, ති‍්‍රරෝද රථ සහ බස් රථ ද්විත්ව මංතීරු සහිත මාර්ගවලදී වම් මංතීරුව පමණක් භාවිත කළ යුතු බවද ඒ මහතා කීය. මංතීරු නීතියට අනුව තීරු තුනක් සහිත මාර්ගවලදී ති‍්‍රරෝද සහ යතුරුපැදිවලට මැද මංතීරුව භාවිත කිරීමටද අවස්ථාව තිබේ.

වම් මංතීරුවේ ගමන් කිරීමේදී ඉදිරියෙන් යන රථය මන්දගාමීව ගමන් කරන්නේ නම් පසුපසින් පැමිණෙන රථවලට දකුණු මංතීරුවට පැමිණ ඉදිරියෙන් යන රථය ඉස්සර කර යළි වම් මංතීරුව ඔස්සේ ගමන් කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

සීසීටීවී දර්ශන සහ වෙනත් තාක්‍ෂණික උපක‍්‍රම ඔස්සේ මංතීරු නීතිය කඩ කරන්නන් හඳුනා ගැනීමෙන් පසු නෛතික කටයුතු සිදු කෙරෙන්නේ අදාළ රථයේ හිමිකරුවන්ට එරෙහිවය.

එනිසා තමන්ට අයත් රථයක් වෙනත් පුද්ගලයකුට භාර දීමේදී අදාළ පුද්ගලයාගේ සියලූ තොරතුරු තමන් සන්තකයේ තබා ගැනීමට රථවාහන හිමිකරුවන් කටයුතු කළයුතු බවද ජාලිය සේනාරත්න මහතා පැවසීය.

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත්, බේස්ලයින් මාර්ගයේ කැලණි පාලම සිට හයිලෙවල් මාර්ගය දක්වාත්, ගාලූපාරේ වැල්ලවත්ත විලියම් හන්දිය සිට ගාලූමුවදොර වටරවුම දක්වාත් සහ පොල්¥ව හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වාත් සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශ තුළ මංතීරු නීතිය දැනට කි‍්‍රයාත්මක කෙරෙන අතර එය රට පුරා කි‍්‍රයාත්මක කිරීමට නියමිත බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මීට සමගාමීව කන්ටේනර් රථ ධාවනය පිළිබඳව සියලූ අංශ කෙරෙහි සැලකිලිමත් වෙමින් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා දැනට සාකච්ඡුා කෙරෙමින් තිබෙන බව කී ජාලිය සේනාරත්න මහතා පොලිසිය ගනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලූ රියැදුරන්ගේ සහාය අපේක්‍ෂා කරන බවද පැවසීය.

පොලිස් මූලස්ථානයේ ඊයේ (20 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ජාලිය සේනාරත්න මහතා මෙම කරුණු සඳහන් කළේය. එහිදී නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පුෂ්පකුමාර සහ අධ්‍යක්‍ෂ (රථවාහන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතාද අදහස් දැක්වූහ.

සමන් ගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles