Divaina - මංතීරු නීතිය නිසා බස් ගමන පැයකින් දික්වෙලා ගැමුණු කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 7ප‍්‍රමුඛතා බස් මංතීරු ක‍්‍රියාත්මක කිරීම නිසා බස් රථ ගමනාන්තය පැයකින් දීර්ඝ වී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (20 දා) පැවසීය.

මාර්ග තදබදය අඩුකිරීමට බස් රථ ප‍්‍රමුඛතා මංතීරුවට යතුරු පැදි හා ත‍්‍රිරෝද ගමන් කිරීමට අවස්ථාව ලබාදීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපා තිබෙන බවත් කී ඒ මහතා මහජනතාවට ත‍්‍රිරෝද රථවල සහ යතුරුපැදිවල ගමන් කිරීමට සිදුවී තිබෙන්නේ ගුණාත්මක බස් සේවාවක් කිසිදු රජයකින් ක‍්‍රියාත්මක නොකිරීම නිසා බවත් කීය.

පත්වන සෑම රජයකම ප‍්‍රවාහන බලධාරීන් මත්කුඩු ජාවාරම්කරුවන්ටත් වඩා ඉහළ බස් බලපත‍්‍ර ජාවාරම්කරුවන් පිරිසක් විසින් ග‍්‍රහණයට ගන්නා බවත් මෙවරද එය සිදුවී ඇති බවත් ඒ මහතා පැවසීය. මෙම පිරිස අර්ධ සුඛෝපභෝගී බස් සේවාව තහනම් කිරීමට බලපෑම් කිරීම, බස් රථ සඳහා ධාවන කාලසටහන් සකස් කිරීම වැළැක්වීම, අධිවේගී මාර්ගවලට සාමාන්‍ය බස් රථ ධාවනය කිරීමට ඉඩ ප‍්‍රස්ථාව අවහිර කිරීම වැනි ක‍්‍රියා සිදුකරන බවද විජේරත්න මහතා කීය.

රජයට සැබවින්ම මාර්ග තදබදය අඩුකිරීමට අවශ්‍ය නම් පාසල් සහ රාජ්‍ය අංශයේ සේවාවල කාල පරාසයන් වෙනස් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles