Divaina - පාස්කු ප‍්‍රහාරයේ චෝදනා වසා ගන්න යහපාලනයේ අය බොරු කතා ගොතනවා - අගමැති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 2පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ අයට එල්ලවන චෝදනා වහගන්න විවිධ කතා නිර්මාණය කිරීමට පටන්ගෙන ඇතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට ප‍්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට එන යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් කියන කතාවලින් හැඟී යන්නේ ඔවුන්ගේ වැරදි සැඟවීම බව පැවැසූ අගමැතිවරයා මේ රටේ බුද්ධිමත් ජනතාව මුළා කිරීමට ඔවුන්ට නොහැකි බව ද කීවේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව දැන සිටියේ යහපාලන ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන්, ඔවුන්ගේ පවුල්වල අය මෙන්ම ඔවුන්ට හිතවත් ආරක්ෂක අංශ නිලධාරීන් බව ද අගමැතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේද පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ පව් වහගන්න අද ඔවුන් පුදුම විදිහට දඟලනවා. කටට එන එන දේවල් කියනවා. ඔවුන්ට ඒ පව් වහගන්න ලැබෙන්නේ නැහැ.

මෙම ප‍්‍රහාරය පිළිබඳව ආගිය තැන් මුල ගිය තැන් දිගටම හොයනවා. කාටවත් නීතියෙන් ගැලවෙන්න බැහැ.

මේ රටේ ජනතාව තත්ත්වය ඉතා හොඳාකාරව වටහාගෙන ඉන්නවා. එදා ජනතාවට පුළුවන් තරම් වධ දුන් මේ උදවිය අද කිසිත් නොදත් උදවිය වගේ හැසිරෙනවා.

නෝමන් පලිහවඩන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles