Divaina - ලක්‍ෂ 7 1/2ක් අල්ලස් ගෙන කෝටි 11ක කහ කුඩු රේගුවෙන් පන්නලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- රේගු නිලධාp1 6රීහු 2ක් දැලේ :  ව්‍යාපාරිකයන් 12ක් අල්ලන්න විමර්ශන

- රුපියල් කෝටි 11 කට අධික වටිනාකමෙන් යුත් කහකුඩු තොගයක් රුපියල් ලක්‍ෂ හතහමාරක අල්ලස් මුදලක් ලබාගෙන රේගුවෙන් පිට කිරීම සඳහා ආධාර උපකාර කළ බව කියන රේගු නිලධාරීන් දෙදෙනකු බ්ලූමෙන්ඩල් පොලිසිය මගින් පෙරේදා (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කහකුඩු තොගය නීති විරෝධී අන්දමින් ආනයනය කිරීම සඳහා මුදල් යෙදවූ බව කියන කොළඹ මුස්ලිම් ව්‍යාපාරිකයන් දොළොස් දෙනකුද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර අන්තවාදී අදහස් ඇති මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන යන දේශීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා මේ ආකාරයට කහ කුඩු කිලෝග‍්‍රෑම් තිස්තුන් දහසක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම කහකුඩු තොගය ආනයනය කළ මුස්ලිම් ව්‍යාපාරිකයන් රේගු නිලධාරීන්ට කහකුඩු අඩංගු එක් කන්ටේනරයක් පමණක් පෙන්වා කහකුඩු අඩංගු කන්ටේනර් තුනක්ම රේගුවෙන් පන්නා ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඩුබායි රාජ්‍යයේ සිට ආනයනය කරන ලද කහකුඩු කිලෝග‍්‍රෑම් තිස්තුන්දහස බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ගබඩාවක අසුරමින් සිටියදී බ්ලූමෙන්ඩල් පොලිසිය මගින් ඉකුත් 17 වැනිදා රාත‍්‍රි එය අත්අඩංගුවට ගෙන තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන මංගල දෙහිදෙණිය, නෙරංජන් අබේවර්ධන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බ්ලූමෙන්ඩල් පොලිස් ස්ථානාධිපති පද්මනාථ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles