Divaina - ගොඩනැඟිල්ල කඩා වැටුණේ ඉදිකිරීමේ දෝෂයක් නිසා - ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ මහනුවර භූ විද්‍යාඥ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 5මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැඟිල්ල කඩා වැටීම ස්වභාවික ආපදා තත්ත්වයක් නොවන බවත් ඉදිකිරීමේ දෝෂයක් මත කඩා වැටී ඇති බවට නිරීක්‍ෂණය වන බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත‍්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත කුමාර  බෝගහපිටිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද කීය.

මේ ගොඩනැඟිල්ල හදලා තියෙන්නේ නිම්නාකාර තැනක. ජල පහරක් ගොඩනැඟිල්ලට පහළින් අතීතයේ සිටම පැවැතගෙන ආ පරිද්දෙන්ම ගමන් ගෙන තිබෙනවා. මේ නිසා ගොඩනැඟිල්ලේ පාදම හෑරීමකට ලක්වී තිබෙනවා. භූමියේ ස්වභාවයට හා තත්ත්වයට ගැළපෙන ලෙස ඉදිකිරීම් සිදුකර නැති බවට නිරීක්‍ෂණය වෙනවා. ගොඩනැඟිල්ලේ බර රඳවා තබා ගැනීමට හැකියාවක් නොතිබූ නිසා ගොඩනැඟිල්ල ගිලා බැසීමත් සමග කඩා වැටී තිබෙනවා. මෙය ස්වභාවික නාය යෑමක්ද නැතහොත් ඉදිකිරීමේ ප‍්‍රමිතියේ ගැටලූවක් නිසා ඇතිවීමක්ද යන්න අපි තවදුරටත් සොයා බලනවා. මෙම ගොඩනැඟිල්ල කඩා වැටීමට පෙර පූර්ණ ලක්ෂණ මතුවෙන්න ඇති. ඒත් මෙවැනි ස්වභාවයේ ගිලාබැසීමකදී ක්‍ෂණිකව තමයි ලක්ෂණ මතුවන්නේ. මේ සිදුවීමත් එක්ක මේ භූමියේ යම් අස්ථාවර භාවයක් ඇති වෙනවා. ගිලා බැසීම සිදුවූ ගොඩනැඟිල්ලට යාබද තවත් ගොඩනැඟිලි හතරක් මේ වනවිට අවදානම් සහිත තැන් ලෙස අපි හඳුනා ගත්තා. ඔවුන් නිවාසවලින් ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවායි ඔහු කියා සිටියේය.

සමන්තී වීරසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles