Divaina - යෝෂිහිඬේ සුගා ජපානය භාර ගනී - ස්ටෝබෙරි ගොවියකුගේ පුතෙක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p4 2ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඬේ සුගා තෝරා පත් කරගෙන තිබේ.

සෞඛ්‍ය හේතු මත ෂින්ශෝ අබේ එරට අගමැති ධුරයෙන් ඉවත් වූ නිසා 72 හැවිරිදි වියේ පසුවන සුගා එරට අගමැති ලෙස ඊයේ පත්විය. ඔහු ෂින්සෝ අබේගේ සමීපතමයකු බව ජපාන මාධ්‍ය කියයි.

උතුරු ජපානයේ අකිටා කලාපයේ හැදුණු වැඩුණු ඔහු, ස්ටෝබෙරි ගොවියකුගේ පුතෙකි. පාසල් අධ්‍යාපනය නිමවා ඔහු රැුකියාවක් සොයා ටෝකියෝ වෙත පැමිණ තිබේ.

ඉන්පසුව ඔහු විවිධාකාර රැුකියා කරමින් දිවි ගෙවා ඇති අතර වරක් කාඞ්බෝඞ් වැඩපොළක ද රැුකියාවක් කර තිබේ. අධ්‍යාපනයේ වටිනාකම හඳුනාගත් ඔහු, ටෝකියෝ නගරයට පැමිණීමෙන් පසු මුදල් ගෙවා ඉගෙන ගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළු වී තිබේ. එසේම ප‍්‍රකට සුකිජී මාළු වෙළෙඳපොළේ ද රැුකියාවක් කර ඇති අතර ඒ ඔස්සේ සිය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ඉතිරි කරගත් බව හෙතෙම පවසා තිබිණි.

උපාධිය හිමි කරගත් පසු යෝෂිහිඬේගේ තේරීම වූයේ දේශපාලනයයි.

නව අගමැතිවරයා ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනීම ද මීට දින කිහිපයකට පෙර සිදුවිය.

චතුර පමුණුව

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles