Divaina - හිජාස් හිස්බුල්ලා උසාවි ගේන්නැයි ඉල්ලන පෙත්සම 23 දා යළි කැඳවයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

court345පසුගිය වසරේ පාස්කු ඉරිදා (අපේ‍්‍රල් 21 වැනිදා) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තැප්‍රොබේන් ආපන ශාලාවේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම හා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් ඕමර් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 23 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16දා) නියෝග කළේය.

හිජාස් හිස්බුල්ලා මහතාගේ බිරිඳ, හා ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරුන් තිදෙනකු විසින් ගොනු කර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් එල්. ටී. බී. දෙහිදෙණිය, ප‍්‍රීති පද්මන් සූරසේන හා එස්. තුරෙයිරාජා යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (16 දා) කැඳවිණි.

එකී විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුව ඊයේ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවන බව පවසමින් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

ඊයේ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්වන කරුණු අනුව මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා, නීතිඥ විරාන් කොරයා ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයට පෙන්වා දුන්හ.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles