Divaina - ප‍්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාවේ වාහන නවතා තැබීම තහනම් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 10සියලූම ප‍්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

අදාළ තහනම වහාම ක‍්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ග‍්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ 2024 වසරේදී අවසන් කර ප‍්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කරන ලෙසටත්, එයට සමගාමීව ප‍්‍රධාන මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 2 ක් රෝපණය කිරීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

කුඩා පාලම්, වැල් පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමටත් රජය තීරණය කර තිබේ. සියලූම මාර්ග ඉදිකිරීමේදී යොදා ගන්නා පස්, ගල්, වැලි සැපයීමේ වගකීම දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට පැවරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන තිබේ.

සියලූම ව්‍යාපෘති ක‍්‍රියාත්මක වීමේදී කිසිදු බාධාවක් හෝ ප‍්‍රමාදයක් ඇති වීමට ඉඩ නොතැබිය යුතු බවත්, මාර්ග ඉදිකිරීමේ අධීක්‍ෂණ කටයුතු රජය සහ කොන්ත‍්‍රාත් පාර්ශ්ව විසින් සිදු කළ යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, උප කොන්ත‍්‍රාත් ලබාදීමට ඉඩ නොතබන ලෙසට ද උපදෙස් දී ඇත.

මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේදී රථවාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යය කර තිබේ.

ලසිත දුමින්ද

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles