Divaina - ආමි සම්පත්ගේ මස්සිනා හෙරොයින් සමග දැලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 8කොළඹ පාතාලයේ දරුණු අපරාධකරුවකු බව කියන ආමි සම්පත්ගේ හෙරොයින් ජාලය මෙහෙයවන ඔහුගේ මස්සිනා වන සුමීර මධුසංඛ නොහොත් කොටහේනේ සුමීර නමැත්තා හෙරොයින් සමග කොටහේන පොලිසිය මගින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු තවත් අපරාධ කීපයකට සම්බන්ධ බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ආමි සම්පත් නමැති පාතාල නායකයාගේ බිරිඳගේ සොහොයුරා වන අතර කාලයක සිට මොහු කොටහේන බ්ලූමැන්ඩල් මෝදර ප‍්‍රදේශ කේන්ද්‍ර කරගෙන හෙරොයින් ජාවාරමේ නිරත වී සිටින බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කර ගෙන යන බව පොලිසිය පවසයි.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්‍ෂණය යටතේ කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles