Divaina - අවිස්සාවේල්ලේ ලොරි ති‍්‍රරෝද ගැටුමෙන් ති‍්‍රරෝදයේ ගිය තිදෙනාම මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p 6අවිස්සාවේල්ල ඇහැලියගොඩ මාර්ගයේ දිවුරුම්පිටිය ප‍්‍රදේශයේදී ඊයේ (16 වැනිදා) අලූයම 4.00 ට පමණ ති‍්‍රරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ති‍්‍රරෝද රථයේ ගමන්ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නැඳුන්ගොල්ල මණ්ඩාවල පදිංචි මොහොමඞ් හසාන් මොහිදින්, පින්නවල අප්පුවිලාගේ සරත් කුමාර, මිගල් අප්පුවිලාගේ රෙජී රෝයල් නමැත්තන්ය.

වත්තල සිට තණමල්විල බලා ධාවනය වූ ලොරි රථය කතරගම දෙසට ධාවනය වූ ති‍්‍රරෝද රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියැදුරුට නින්ද යෑමෙන් අනතුර සිදුවී ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

දැනට මෘත දේහ අවිස්සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතය.

අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක විකුම් වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

කොස්ගම - ජේ. ඒ. සී. ශාන්ත කුමාර

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles