Divaina - පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන්ට සරසවි බිම තහනම් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 4නවක වධය ලබාදීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන්ට විශ්වවිද්‍යාලය තහනම් කලාපයක් බවට පත් කිරීමට පාලනාධිකාරිය ඊයේ (16දා) තීරණය කර තිබේ.

මේ අනුව නේවාසිකාගාරවල සිටින ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන්ට නිවෙස් කරා යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇත.

ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුන්ට දෙවන වසරේ සිසුන් නවක වධය ලබාදෙන බවට පළමු වසර සිසුන්ගේ දෙමව්පියන් රැුසක් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමින් පීඨ උපදේශක සභාවේ නිර්දේශය මත මෙම තීරණය ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා කීය.

ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු පමණක් මේ අනුව අත්හිටුවන බවත්, එම පීඨයේ අනෙකුත් වසරවල මෙන්ම සෙසු පීඨවල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුකරන බවත් ඒ මහතා පැවසුවේය.

නවක වධය ලබාදෙන සිසුන් හඳුනා ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

සමන්ති වීරසේකර
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles