Divaina - වහලයේ උළු ගලවා නිවසේ නිදා සිටි කාන්තාවට පෙට‍්‍රල් දමා ගිනි තියලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 සමන් ගමගේ
 
 කෑගල්ල අලපලාවල ප‍්‍රදේශයේ කාන්තාවක පෙරේදා (14 වැනිදා* රාති‍්‍රයේ සිය නිවසේ නිදා සිටියදී වහලයේ උළු ඉවත් කළ කිසියම් පුද්ගලයකු ඇයට පෙට‍්‍රල් දමා ගිනි තබා තිබේ.
 
 ගිනි තැබීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ විසි හැවිරිදි නිරෝෂිකා රාජපක්‍ෂ නමැති එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් ප‍්‍රතිකාර ස`දහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
 
 සිය දියණියගේ සිරුරට ගිනි ඇවිළී තිබෙනු දැක එය නිවා දැමීමට උත්සාහ කළ කාන්තාවගේ පියා ද පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
 
 සිද්ධියට මුහුණ දුන් කාන්තාව යුද හමුදාවේ සේවය කරන මාතලේ ප‍්‍රදේශයේ තරුණයකු සම`ග මෑතකදී විවාහ වී ඇති අතර මීට දින කිහිපයකට පෙර ඇති වූ ආරවුලකින් පසු ඇය නිවසට පැමිණ සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
 
 කාන්තාවට ගිනි තබා ඝාතනයට තැත් කළ පුද්ගලයා සොයා කෑගල්ල පොලිසිය විමර්ශන අරඹා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (15 වැනිදා* රාති‍්‍ර වනතුරුත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles