Divaina - වැටලීම් කරන නිලධාරීන්ගේ අඩුපාඩු නිසා මත්ජාවාරමුන් නිදහස් වීම කනගාටුවක්... කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ඒ. ජේ. ඒ. අබේනායක
 
 මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන නිලධාරීන් අධිකරණය හමුවේ ලබාදෙනු ලබන සාක්‍ෂිවල පවතින පරස්පරතාවන් හා වැටලීම් සම්බන්ධයෙන් වැටලීම් නිලධාරීන් තබන වැරදිසහගත සටහන් නිසා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් වීම සිදුවන්නේ යැයි කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා ඊයේ (15 දා* විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.
 
 වැටලීම් සිදුකරන නිලධාරීන්ගේ එවැනි බලවත් අඩු ලූහුඬුකම් නිසා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විත්තිකරුවන් නිදහස් කිරීමට තම අධිකරණයට සිදුවීම කනගාටුවට කරුණක් බව ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එහිදී අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.
 
 හෙරොයින් ග‍්‍රෑම් 198.19 ක ප‍්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ නගර ශාලාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක විත්තිකරුවකු වූ මෙරිඤ්ඤගේ ධනසිරි හෙවත් අනුර නමැත්තා සියලූ අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් විනිසුරුවරයා එම ප‍්‍රකාශය කළේය.
 
 2012.9.26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ එකී විත්තිකරු සන්තකයේ තිබූ බව කියන හෙරොයින් ප‍්‍රමාණය ඉතා විශාල බැවින් විත්තිය යෝජනා කළ පරිදි එකී මත්ද්‍රව්‍ය ඔහුට හඳුන්වාදීමක් සිදුකළ බවට තම අධිකරණයට පෙනී නොයන නමුත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලබාදුන් සාක්‍ෂිවල පැවති බලවත් පරස්පරතාවන් හා සටහන්වල පැවති දුර්වලතා නිසා එවැනි නියෝගයක් ලබාදීමට තම අධිකරණයට සිදුවූ බව ද විනිසුරුවරයා එහිදී අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.
 
 එකී විත්තිකරු හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කර දඬුවම් නියමව සිටින අයකු බවත් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ එවැනි නඩු කිහිපයක් පවතින බවත් අධිකරණයේදී අනාවරණය විය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles