Divaina - හන්තානේ අක්. 8ක් එළි කිරීමට එරෙහි පැමිණිල්ලට රාජ්‍ය ආයතන 6ක් පොලිසි කැඳවයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

චමින්ද සිල්වා - සමන්තී වීරසේකර
 
 hanthanasහන්තාන කඳුවැටියේ අඩි තුන්දහසකට ඉහළ අක්කර අටක භූමි ප‍්‍රමාණයක් ගස් කපා සුද්ද කර මුඩු ඉඩමක් බවට පත්කිරීමට එරෙහිව හන්තාන සුරැුකීමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධි පැමිණිලි අංශයට පැමිණිල්ලක් කොට තිබේ.
 
 එම පැමිණිල්ල මත බී වාර්තාවක් ගොනු කළ මහනුවර පොලිසිය රාජ්‍ය ආයතන හයක් කැ`දවා ප‍්‍රශ්න කිරීමට මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. එහිදී ලද නියෝග මත ගඟවට ප‍්‍රාදේශීය ලේකම්, සත්ත්ව වනසංරක්ෂණ හා වෘක්ෂලතා අධිකාරිය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, අඩවි වන නිලධාරි කාර්යාලය, පතල් හා කැණිම් දෙපාර්තමේන්තුව සහ රූපා ගුණතිලක නමැත්තිය කැ`දවීමට පොලිසිය කටයුතු කර ඇත.
 
 බී 8691/20 අංක දරන නඩුව අද (16දා* මහනුවර මහෙස්ත‍්‍රාත් ෂෂ අධිකරණයේදී කැ`දවීමට නියමිතය.
 
 මෙම ඉඩම පිහිටා ඇත්තේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අයත් බව කියන අක්කර අටක ඉඩමට මායිම්වය. කිරිඇල්ල මහතා පවසන පරිදි ඔහු එම ඉඩම එක්දහස් නවසිය අනූවේදී අන්දිරිස් ජයසිංහ නමැත්තකුගෙන් අත්පිට මුදලට සින්නක්කරව ගෙන තිබේ.
 
 නමුත්, 2017 සහ 2018 කාලවලදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් කිරිඇල්ල මහතාට අයත් බව කියන ඉඩම සුද්ද පවිත‍්‍ර කර ඇති අතර එම අවස්ථාවන්හිදි හන්තාන සුරැුකීමේ සංවිධානය ප‍්‍රශ්න කිරීමේදී ඉඩම රූපා ගුණතිලක නමැත්තියකට අයත් බව එවකට මධ්‍යම පරිසර අධිකාරිය පවසා ඇත. මේ අනුව එම ඉඩමේ අයිතිය කවරකු සතුද යන්න උභතෝකෝටික ගැටලූවක්ව ඇති අතර, නිශ්චිත හිමිකරුවකු නොමැති මෙම ඉඩම මේ වන විට සුද්ද කර නැවත වගා කරන්නට සැරසෙන නියම හිමිකරු සෙවීම සිය සංවිධානයේ අරමුණ බව එම සංවිධානයේ මහ ලේකම් අමිත් සේනානායක මහතා පවසයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles