Divaina - ව්‍යාජ වීසා හා ආගමන විගමන මුද්‍රා තබා පුද්ගලයන් ඉතාලි යවලා... කෝටි ගණන් ගැරූ ශී‍්‍ර ලන්කන් සෙට් එකක් අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 මීගමුව සමූහ - විමල් කීර්ති
 
 srilank135ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ සේවක පිරිසක් විසින් ඉතා සංවිධානාත්මක ලෙස ව්‍යාජ ඉතාලි වීසා මුද්‍රණය කර ව්‍යාජ ආගමන විගමන මුද්‍රා විදේශ ගමන් බලපත‍්‍රවලට ඇතුළත් කොට ව්‍යාජ බෝඩිං බලපත‍්‍ර සකසා කලක් තිස්සේ විශාල පිරිසක් වංචනිකව ඉතාලි යවා කෝටි ගණනින් වංචනිකව මුදල් ඉපයූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම කල්ලිය සහ එහි මහ මොළකරු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
 
 මෙම සංවිධානාත්මක ජාවාරම පිළිබඳව අනාවරණය වී ඇත්තේ පසුගිය ජුලි 27 වැනිදා ව්‍යාජ වීසා සහ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා ඇතුළත් කළ විදේශ ගමන් බලපත‍්‍රයක ආධාරයෙන් වංචනිකව ඉතාලිය බලා යෑමට ගුවන්තොටුපළට පැමිණි වරුණ ගුණතිලක නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පුළුල් විමර්ශනයේදීය.
 
 එම පරීක්‍ෂණයේදී අනාවරණය වූයේ මෙම වංචනික විදේශ ගමන් බලපත‍්‍රයට ව්‍යාජ ඉතාලි වීසා මුද්‍රණය කොට ඇතුළු කිරීමට කටයුතු සිදුකර ඇත්තේ ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් වන නිව්මාල් රත්නසේකර, ජෝන් ෂෙමොන් රොජර්, දිලික් මදුසංඛ ප‍්‍රනාන්දු, නාරද තිලීප පීරිස් නමැත්තන් විසින් බවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට තිබිණි.
 
 වැඩිදුර විමර්ශනයේදී එම ජාවාරමේ මහ මොළකරු වන අන්වර්ථ නාමයන් දෙකකින් පෙනී සිටින වෙන්නප්පුවේ පදිංචි ඩබ්ලිව්. අජිත් නොහොත් නිව්ටන් නොහොත් නීල් නමැත්තා ද අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට ඇත.
 
 මෙම සැකකරුවන්ට එරෙහි එල්ලවූ චෝදනාව වූයේ එම වංචනික කි‍්‍රයාවන්ට ආධාර අනුබලදීම සහ නීති විරෝධී විදේශ ගමන් සංවිධානය කිරීමයි. අධිකරණයේදී සැකකරුවන්ට ඇප ඉල්ලා සිටි අතර එම නීති විරෝධී ගමන සංවිධානය කළ මහ මොළකරු වන ඩබ්ලිව්. අජිත් සහ නාරද තිලීප පීරිස් නමැති සැකකරුවන් දෙදෙනා හැර සෙසු සැකකරුවන්ට දැඩි කොන්දේසි මත ඇප නියම කර රිමාන්ඞ් භාරයෙන් මුදාහරිනු ලැබූහ.
 
 මෙම නීති විරෝධී ගමන සංවිධානය කළ ඩබ්ලිව්. අජිත් සහ නාරද තිලීප පීරිස් නමැති දෙදෙනාට ඇප ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළ මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඔවුන් මේ මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිය වෙනුවෙන් නීතිඥ මඬුල්ලක් සමග නීතිඥ සවිකුල ගුණතිලක හා ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක යන මහත්වරු පෙනී සිටියහ. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 දා පැවැත්වේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles