Divaina - කෘත්‍යාධිකාරියේ සහාය ලැබුණොත් එජාප නායකත්වය භාර ගන්න සූදානම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

චමින්ද සිල්වා
 
 ruwan135කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහාය තමාට හිමිවුවහොත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (15 දා* පැවසීය.
 
 එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා පෙරේදා (14 දා* පැවැති රහස් ඡන්දයෙන් ජයග‍්‍රහණය කළ රුවන් විජයවර්ධන මහතා නව ධුරයට පත් වීමෙන් පසු ඊයේ ගංගාරාම විහාරස්ථානයට ගොස් මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගත්තේය. එහිදී මාධ්‍ය අමතමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ ද පැවසීය.
 
 නියෝජ්‍ය නායක ලෙස පත්වීමෙන් පසු පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් මට කරන්න තියෙනවා. මේ පක්ෂය දැවැන්ත නායකයන් සිටි පක්ෂයක්. දැන් තිබෙන තත්ත්වයෙන් ඉදිරියට ගෙන ඒමට මම හැකි උපරිම උත්සාහය ගන්නවා. ඒ සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ සමහර අය සමග සාකච්ඡුා කරමින් සිටිනවා. ඔවුන් ද අපේ පක්ෂයට ආදරය කළ අය. ඉදිරියේදී පක්ෂය ශක්තිමත් කිරීම සඳහා සියලූ පාර්ශ්ව සමග සාකච්ඡුා කිරීමට කටයුතු කරනවා.
 
 පක්ෂය ඉදිරියට ගෙන ඒමට නම් පක්ෂය ප‍්‍රතිසංවිධානය කර අලූත් මුහුණුවරකින් කටයුතු කළ යුතුයි. එයට පාක්ෂිකයන් සහ රටේ ජනතාව එකතු කරගත යුතුයි.
 
 ආණ්ඩුව 19 වැනි සංශෝධනය ඉවත් කර 20 වැනි සංශෝධනය ගේන්න හදනවා. 19 වැනි සංශෝධනයේ මොන අඩුපාඩු තිබුණත් සෝභිත හිමියන් සමග පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට 19 න් හැකි වුණා. 20 වැනි සංශෝධනයෙන් එය නැති කිරීමට උත්සාහ කරනවා නම් ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles