Divaina - 20 ට පත් කළ කමිටුවේ වාර්තාව අගමැතිට භාර දෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 අනුර බාලසූරිය
 
mahins146 යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයන කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (15 දා* අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.
 
 මෙහිදී කමිටු වාර්තාව භාර දෙමින් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනා ගත් අලූතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳ එම සාමාජිකයෝ අගමැතිවරයා දැනුවත් කළහ.
 
 එම කමිටු වාර්තාව අද (16 දා* කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 20 වන සංශෝධනය අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීමට අගමැතිවරයා විසින් පසුගියදා ඇමැතිවරුන් පස්දෙනකුගෙන්, රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුගෙන් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ සභාපති ලෙස අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කටයුතු කළේය.
 
 වාර්තාව භාරදෙමින් කමිටු සාමාජිකයෝ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනා ගත් අලූතින් එක් කළ යුතු සහ සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳව අගමැතිවරයා දැනුවත් කළහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles