Divaina - ශානි හා නිශාන්ත බොරු නඩුවලට පටලවා මා සිරගත කළා.. කමාන්ඩර් සුමිත් රණසිංහ දේශපාලන පළිගැනීම් කොමිසමට කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 saaniyaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන අය සාක්ෂි විකෘති කොට බොරු නඩුවලට පටලවා තමා සිරගත කළ බව නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඊයේ (15 දා* පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
 
 යහපාලන රජයේ ‘රණවිරු දඩයම’ යටතේ තමා අත්අඩංගුවට පත් වූ බවත් තමාට සිදු වූ අසාධාරණයට සාධාරණය ඉටු කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටින බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.
 
 කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොමිසම ඊයේ (15 දා* උදේ 10.30 ට පමණ රැුස් විය.
 
 මෙය දේශපාලන පළිගැනීමක් බව ද මේ අසත්‍ය කරුණු මත තමා මාස 11 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව ද සඳහන් කළ සාක්ෂිකරු කොමිසමට ඉතා සංවේදීව පැවසුවේ තමා ඇප නොලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටි බැවින් තම නැන්දම්මා පවා සියදිවි නසා ගත් බවයි.
 
 දේශපාලන පළිගැනීමකට තමන්ව භාවිත කළ බව ද මේ නිසා විදේශ ගමන් තහනමකට ලක්වී ලැබීමට තිබූ විදේශ පාඨමාලා පවා අහිමි වී ගිය බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
 මේ පක්ෂග‍්‍රාහී පරීක්ෂණ ගැන සොයා බලා සාධාරණය ඉටුකරන ලෙස ද සාක්ෂිකරු කොමිසමෙන් ඉල්ලා සිටියේය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles