Divaina - විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් ලක්‍ෂ ගණන් වංචා කළ කත දැලේ... වංචාවට උදව් කළ සැමියාත් මාට්ටු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

හේමන්ත රන්දුණු
 
 dokleeeලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා කාර්යාලයේ සේවය කරන විශේෂඥ වෛද්‍ය අනෝමා ජයතිලක මහත්මිය ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් ලක්‍ෂ ගණනක මුදල් ලබා ගත් බව කියන කාන්තාවක සහ ඇගේ සැමියා දෙහිවල පොලිසිය මගින් පෙරේදා (14 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකාර කාන්තාව දෙහිවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දුෂ්මන්ත ලියනගේ මහතා ද රවටා මේ ආකාරයට මුදල් ලබා ගැනීමට උත්සාහ කරද්දී පොලිසියට කොටුවී තිබේ.
 
 මෙම කාන්තාව සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ ඇගේ සැමියා මේ ආකාරයට මරදාන, පානදුර,
 
 අතුරුගිරිය, ජාතික රෝහල ඇතුළු තවත් ප‍්‍රදේශ රැසක සේවය කරන වෛද්‍ය වරුන්ගෙන් රෝහල් කාර්ය මණ්ඩල නිලධාරීන්ගෙන් සහ වෛද්‍ය අනෝමා ජයතිලක මහත්මියගේ හිතවතුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.
 
 දෙහිවල පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව මෙම කාන්තාව විශේෂඥ වෛi අනෝමා ජයතිලක මහත්මියගේ නිවසේ වසර දහයක පමණ කාලයක් තිස්සේ මෙහෙකාරියක ලෙස සේවය කර ඇති අතර මීට වසර 8 කට පමණ පෙර ඇය ඉන් ඉවත්වී ඇත.
 
 වෛiවරියගේ නිවසේ සේවය කරන කාල සීමාවේදී ඔවුන්ගේ පවුලේ හිතවතුන්ගේ දුරකථන අංක සියල්ල මෙම සැකකාරිය විසින් රැුගෙන ගොස් තිබිණි.
 
 පසුව ඇය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයකු සමග සබඳතා පවත්වා ඔහු සමග විවාහ වී ඇත.
 
 මීට මාස හත අටකට පමණ පෙර සැකකාර කාන්තාව විශේෂඥ වෛද්‍ය අනෝමා ජයතිලක මහත්මිය ලෙස රංගනයේ යෙදෙමින් දුරකථනවලින් කථා කර හදිසි මුදල් අවශ්‍යතාවක් බව කියමින් වෛද්‍ය වරියගේ හිතවතුන්ගෙන් මුදල් ඉල්ලා ගෙන තිබේ.
 
 දෙහිවල පොලිස් ස්ථානාධිපති දුෂ්මන්ත ලියනගේ මහතා වෛද්‍ය වරියගේ කිට්ටු හිතවතකු නිසා සැකකාර කාන්තාව ස්ථානාධිපතිවරයාට ද දුරකථනයෙන් කතා කර විවිධ උදව් උපකාර ලබා ගෙන ඇත.
 
 මීට දින දෙකකට පමණ පෙර සැකකාර කාන්තාව දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කතා කර හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති බව කියමින් රුපියල් පහළොස් දහසක මුදලක් ඉල්ලා තිබේ. එම මුදල ලබාගැනීමට තම මෙහෙකාරිය එවන බව ද දුරකථනයෙන් දැනුම් දී ඇත.
 
 එහෙත් මෙම කාන්තාවගේ කතාබහ පිළිබඳව සැකපහල කළ පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳව වෛi අනෝමා ජයතිලක මහත්මියට දුරකථනයෙන් කතා කර විමසා තිබේ.
 
 එහිදී වෛද්‍ය වරිය විමසා ඇත්තේ තම නිවසේ සේවය කළ මෙහෙකාරිය කාලයක සිට මේ ආකාරයට තම නම පාවිච්චි කරමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලා ගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් විවිධ පොලිස් ස්ථානවල පැමිණිලි ද ඇති බව ඇය පවසා ඇත.
 
 ඒ අනුව කි‍්‍රයාත්මක වූ දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා මුදල් ලබාදෙන බව කියමින් සැකකාර කාන්තාව පොලිස් ස්ථානය වෙත ගෙන්වාගෙන පසුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකාරිය සමග මුදල් ලබාගැනීමට පැමිණි ඇගේ සැමියාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර අඹුසැමි යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියි.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දෙහිවල පොලිස් ස්ථානාධිපති දුෂ්මන්ත ලියනගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles