Divaina - ටයිල් චමින්ද රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
 tilaනාකොටික් නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්වී හෙරොයින් ජාවාරමේ නිරත වූ ටයිල් චමින්ද නමැති සැකකරු ලබන 21 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා ඊයේ (15දා* නියෝග කළේය.
 
 අධිකරණ නියෝග මත දින 90 ක් මිනුවන්ගොඩ පොලිසියේ ර`දවාගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණි.
 
 මිනුවන්ගොඩ යටියන ප‍්‍රදේශයේ පදිංචි චමින්ද දයා ප‍්‍රියංක මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද යන සැකකරු මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට මිනුවන්ගොඩ පොලිසිය ඊයේ කටයුතු කළේය.
 
 සැකකරු හෙරොයින් ග‍්‍රෑම් 05 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර අනතුරුව සැකකරු හෙරොයින් ජාවාරම් කිරීම ස`දහා උපයෝගී කරගෙන තිබූ වාහන 06 ක් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 එම වාහන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිනුවන්ගොඩ පොලිසියේදී පසුගියදා පරික්ෂාවට ලක් කරනු ලැබූහ.
 
 2018 ජුනි මස 20 වැනිදා සිට 2020 ජුනි මස 15 වැනිදා දක්වා රුපියල් 37 කෝටි 37 ලක්ෂ විසිපන් දහසක මුදලක් (37,37,25000* දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ටයිල් චමින්ද නමැත්තාගේ බැංකු ගිණුමට බැර වී ඇති බවත්, එම මුදල් සංසරණය වූ ආකාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් නොමැති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
 
 ඩුබායි සිටින ගිහාන් ෆොන්සේකා නමැති සැකකරුගේ උපදෙස් මත සැකකාර ටයිල් චමින්ද නමැත්තා එම මුදල් ලබා දුන්නේ යැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව පැමිණිල්ල මෙහෙය වූ උප පොලිස් පරීක්ෂක අබේරත්න මහතා අධිකරණය හමුවේ ස`දහන් කළේය.
 
 සචිනි රඹුක්කනගේ, දිලානි ශාලිකා, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි යන නීතිඥ කණ්ඩායම සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ සරල කරුණාරත්න මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය. සැකකරුට බන්ධනාගාරයේ දී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන ලෙස එම නීතිඥ කණ්ඩායම අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය නියම කළේය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles