Divaina - හිටපු තානාපතිලා දෙදෙනෙක් ගජබින්න කියලා දේශපාලන රැකවරණ පතලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 ස්විට්සර්ලන්තයේ සහ ඔස්ටේ‍්‍රලියාවේ සේවය කළ හිටපු තානාපතිවරුන් දෙදෙනකු ශ‍්‍රී ලංකා රජයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවට සාවද්‍යය ප‍්‍රකාශ කරමින් එම රටවල දේශපාලන රැුකවරණ පතා ඇත.
 
 මින් ඔස්ටේ‍්‍රලියාවේ සේවය කළ තානාපතිවරයා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බොරු චෝදනා එල්ල කර සිරගත කිරීමේ සැලසුමකට සම්බන්ධවූවෙකි.
 
 ඔහු රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානීන් දෙදෙනකු සම`ග එක් වී මේ සැලසුම ක‍්‍රියාත්මක කර තිබුණි.
 
 ස්විට්සර්ලන්තයේ සේවය කළ තානාපති නිලධාරියාගේ
 
 බිරිය ස්විස් තානාපති කාර්යාල වීසා නිලධාරිනී ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන බොරු සිද්ධියට සම්බන්ධ වී ඇත.
 
 මෙම තානාපති නිලධාරියාට මෙරටට පැමිණෙන ලෙස රජය නියෝග කළත් ඔහු ඊට අවනත වී නැත.
 
 ඔහුගේ බිරියද ජනපතිවරණයෙන් දිනකට පසු ස්විට්සර්ලන්තයට පැනගොස් තිබේ. ඇයට මෙරටට පැමිණ කට උත්තරයක් දෙන ලෙස රහස් පොලිසිය දන්වා ඇතත් ඊටද එක`ග වී නැත.

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles