Divaina - ආර්.එම්.වී. ලොක්කන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඕ.අයි.සීලා විසිදෙනෙකුගේත් සීල් හොරට කපලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 එස්. ඞී. අබේසිංහ - මහරගම

mote333iii
 
 නාරාහේන්පිට ගජබාපුර ප‍්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ව්‍යාජ ලෙස සැකසූ රියැදුරු බලපත‍්‍ර හතරක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන්ගේ හා රජයේ උසස් නිලධාරීන්ගේ තනතුර සහිත ව්‍යාජව සැකසූ නිල මුද්‍රා හැත්තෑ පහකට ආසන්න ප‍්‍රමාණයක් සහ ලිපි ද්‍රව්‍ය තොගයක් සම`ග කොළඹ දකුණ ¥ෂණ මර්දන අංශය විසින් 13 වැනිදා රාත‍්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
 
 මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ව්‍යාජ නිලමුද්‍රා අතර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ ඇතුළු මෝටර් රථ ලියා පදිංචි කිරීමේ හා රියැදුරු බලපත‍්‍ර ලබා දීමේ කොට්ඨාසයේ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල නම් සඳහන් මුළු දිවයිනටම සාමවිනිසුරු වරුන්ගේ නිල මුද්‍රා, ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිලමුද්‍රා ග‍්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රා පොලිස් ස්ථානවලින් නිකුත් කරන පැමිණිලි පිටපත් ලේඛන ආකාරයෙන්ම සැකසූ ව්‍යාජ ලේඛන කීපයක්, පොලිස් ස්ථානයන් හා රාජ්‍ය ආයතනයන් විසින් යම් මුදල් ගෙවීමකදී නිකුත් කරනු ලබන ව්‍යාජව සැකසූ මුදල් කුවිතාන්සි කිහිපයක් ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් නිකුත් කරන ලද වාහන ආදායම් බලපත‍්‍ර ආකාරයෙන් ව්‍යාජ ලෙස සැකසූ ආදායම් බලපත‍්‍ර කිහිපයක්ද ව්‍යාජ ආකාරයෙන් සැකසුම් කරන ලද රියැදුරු බලපත‍්‍ර හතරක් හා ව්‍යාජව ලිපි ලේඛන හා රියැදුරු බලපත‍්‍ර ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන්ගෙන් ලබාගන්නා විස්තර ඇතුළත් පෝරම, ඡුායාරූප සහ ජාතික හැඳුනුම්පත්වල ඡුායා පිටපත් කීපයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
 
 දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා 22 ක්ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. නාරාහේන්පිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පිටුපස ගජබාපුර වත්ත ප‍්‍රදේශයේ නිවසක ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන යන බවට කොළඹ දකුණ කොට්ඨාස ¥ෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් ඉන්ද්‍රජිත් ගිනිගේ මහතාට ලද තොරතුරක් අනුව එම නිවස වටලා සිදු කළ පරීක්‍ෂාවේදී නිවසේ කාමරයක් තුළ තිබූ මෙම ව්‍යාජ නිලමුද්‍රා තොගය සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පැවසීය.
 
 අත්අඩංගුවට ගත් මෙම සැකකරු මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත විවිධ කටයුතු සිදු කර ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් හට රාජ්‍ය ආයතනවලින් ලබා ගැනීමට නොහැකි ලිපි ලේඛන රුපියල් 2,000 සිට රුපියල් 15,000 දක්වා ඉහළ මිල ගණන් අයකර ව්‍යාජ ලෙස සකසා ලබාදෙන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
 
 49 හැවිරිදි සැකකරු තිදරු පියෙකි. මොහු බොරැුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් දීර්ඝ කාලයක් තිස්සේ මෙම හොර කච්චේරිය පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැුල්ල පොලිසියට භාර දීමට නියමිතව තිබිණි.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත‍්‍රී මහතාගේ උපදෙස් පරිදි කොළඹ දකුණ කොට්ඨාස ¥ෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් ඉන්ද්‍රජිත් ගිනිගේ මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්‍ෂකවරුන් වන එච්. එම්. ඒ. බී. හේරත්, ඞී. එම්. එස්. දිසානායක පොලිස් කොස්තාපල්වරුන් වන (40820* ලසන්න, (78794* කොඩිතුවක්කු, (70211* අබේසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් (7281* මානෙල් පොලිස් කොස්තාපල් රියැදුරු (89723* සේනාධීර යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles