Divaina - පාර්ලිමේන්තුවේ මංගල සැසිය 20දා... ජනපති රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අකිත පෙරේරා
 
 godb6නව වැනි පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම, ලබන 20 වැනිදා පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇත. ජනපති නියමය පරිදි ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13දා* රාත‍්‍රි නිකුත් කර තිබේ.
 
 අගෝස්තු 20 වැනි දින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැුස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
 එදින පස්වරු 3ට ජනාධිපතිවරයා මංගල රැුස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2* ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලසා ඇති පරිදි නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කෙරෙනු ඇත.
 
 ලබන 20 වන බ‍්‍රහස්පතින්දා පෙරවරු 9.30ට නව පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිතය.
 
 එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව සියලූ මන්ත‍්‍රීවරුන් දිවුරුම හා ප‍්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ.
 
 ඉන් පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීමට නියමිතව ඇත.
  

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles