Divaina - දූෂිත බන්ධනාගාර නිලධාරීන් 15කගේ වැඩ තහනම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

සුජීව තත්සර
 
 bandnagaraපසුගිය මාස දෙකක කාලයේ දී විවිධ දූෂණ ක‍්‍රියාවන්ට සම්බන්ධ වූ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය. 
 
 අදාළ නිලධාරීන් මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් යැයි ඊයේ (14දා* කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා පැවසීය.
 
 ඔවුන් 15 දෙනා අතර සහකාර අධිකාරිවරයකු, ප‍්‍රධාන ජේලර්වරුන් දෙදෙනකු, ජේලර්වරයකු ද සිටින බව හෙතෙම කීවේය.
 
 බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ද ඒ මහතා සඳහන් කළේය.
 
 ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධව විනය චෝදනා යටතේ ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් බරපතළ චෝදනා ඇති නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී හෙතෙම පැවසීය.
 
 එසේම අනිසි ආකාරයෙන් වත්කම් ඉපැයූ බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමට යොමු කර ඇති බවත් මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින, සිය පරිපාලනයට සහයෝගය නොදෙන හා සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට අනාවරණය වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරුකිරීම්වලට යොමු කර ඇති බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.
 
 ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනකු මේ වන විට ස්ථාන මාරු කර ඇති බව ඔහු සඳහන් කළේය.
 
 එසේම බන්ධනාගාර තුළ යම් අකටයුත්තක් සිදුවේ නම් 011-2678600 යන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී ඒ පිළිබඳ තොරතුරු, නම ගම සඳහන් කිරීමකින් තොරව ලබාදීමේ හැකියාවක් පවතින බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles