Divaina - කොරෝනා රෝගීන් සොයන්න ජීව රසායන පරීක්‍ෂණ කරන්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september



 
 ඒමන්ති මාරඹේ
 
 kovidකොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ අරමුණින් සමාජයේ තෝරාගත් කණ්ඩායම් අතර අහඹු ලෙස ‘පී. සී. ආර්.’ පරීක්ෂණ සිදු කිරීමේ ක‍්‍රියාවලිය ශීඝ‍්‍රගාමී ක‍්‍රියාවලියක් ලෙස පවත්වා ගැනීම සඳහාත්, ඒ සඳහා වැයවන පිරිවැය අවම කිරීම සඳහාත්, ලෝකයේ බොහෝ රටවල සිදු කෙරෙන ‘පී. සී. ආර්.’ පරීක්ෂාවට වඩා ප‍්‍රතිඵලදායි ජීව රසායන පරීක්ෂණ මෙරට සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
 
 එම සංගමයේ සභාපති රවී කුමුදේශ්ගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියට අනුව ප‍්‍රජාව තුළ සිදුවන කොරෝනා ආසාදනයන් අහඹු ලෙස සොයා ගැනීම සඳහා පී. සී. ආර්. පරීක්ෂාවට වඩා සාර්ථක ජීව රසායන පරීක්ෂණ ලෝකයේ බොහෝ රටවල මේ වන විට සිදු කෙරෙන අතර ඒ පිළිබඳව රජය අවධානය යොමු කළ යුතුව තිබේ.
 
 එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
 
 කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා කොරෝනා ආසාදිතයන් හා ඔවුනගේ ආශ‍්‍රිතයන් පරීක්ෂා කිරීමේ ක‍්‍රියාවලියට සමගාමීව විධිමත් අහඹු පරීක්ෂණ ක‍්‍රියාවලියක් දිවයින පුරා ක‍්‍රියාත්මක කරන ලෙස අප විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කර තිබිණි. ඒ පිළිබඳව ප‍්‍රමාද වී හෝ අවධානය යොමු වීම පිළිබඳව අගේ කොට සලකමු.
 
 කෙසේ නමුත් කොරෝනා පරීක්ෂණ ක‍්‍රියාවලිය ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ උපදෙස් මත පදනම්ව ක‍්‍රියාත්මක කිරීමට සිදු වීම හේතුවෙන් උක්ත අහඹු පරීක්ෂණ ක‍්‍රියාවලිය ප‍්‍රමාද කිරීමට සිදු වූ බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. කොරෝනා පරීක්ෂණ ක‍්‍රියාවලිය ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂාවක් ලෙස පමණක් සීමා කර ගැනීම හේතුවෙන් සමස්ත පරීක්ෂණ ක‍්‍රියාවලිය පී. සී. ආර්. පරීක්ෂණ ධාරිතාවයේ සීමාන්තික සාධක මත තීරණය කිරීමට සිදුව තිබේ. ශ‍්‍රී ලංකාවේ සිදු කරන පරීක්ෂණ ප‍්‍රමාණය පිළිබඳව මතුව ඇති විවේචනයට ද එය හේතු වී ඇත.
 
 පී. සී. ආර්. පරීක්ෂාව රොගීන් හඳුනාගැනීමට, ප‍්‍රතිකාර පාලනය කිරීම, සහ තහවුරු කිරීමේ පරීක්ෂාවක් ලෙස වඩා සාර්ථක පරීක්ෂණ උපක‍්‍රමය වුවද, දින හතක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවූවා යැයි උපකල්පනය කෙරෙන ප‍්‍රජාව තුළ සිදුවන කොරෝනා ආසාදනයන් අහඹු ලෙස සොයා ගැනීම සඳහා වෙනත් දියුණු පරීක්ෂණ ක‍්‍රම යොදා ගත යුතුය. මේ පිළිබඳව තාක්ෂණික වශයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමු.

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles